උණුසුම් පුවත්
Search
sharuk and gauri

”මගේ බිරිඳ හින්දු, මම මුස්ලිම්, මගේ දරුවන් හින්දුස්ථානි” – ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹු අලුත්ම කතාව

280

පසුගිය දා අයිපීඑල් තරගයක් නරඹන අතර රෝගී වූ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගොස් නිවසට පැමිණ ඇත. අහමදාබාද්හිදී තම කණ්ඩායමට ඔල්වරසන් දීමට ගිය නළුවා හදිසියේ රෝගාතුර විය.. පසුගියදා ස්ටාර් ස්පෝර්ට්ස් සමඟ සංවාදයකට එක්වෙමින් ෂාරුක් ඛාන් ක්‍රීඩාවට ඇති ආදරය ගැන කතා කරමින් කීවේ ”මට කවදත් අවශ්‍ය වුණේ ක්‍රීඩකයෙක් වෙන්න….. ඇත්තම කිව්වොත් මට කවදාවත් නළුවෙක් වෙන්න ඕන වුණේ නැහැ. මම මේක හැමදාම කිව්වා…” ලෙසිනි.

තමන් කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ නමුත් ආබාධයක් හේතුවෙන් තමාට මෙම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවූ බව ද ඔහු අනාවරණය කළා. තරගය අතරතුරදී ඒ කාලයේ තමා ආබාධයකට ලක් වූ බව ඔහු කියා සිටියා. ඔහුට ප්‍රතිකාර කිරීමට මුදල් තිබුණේ නැති බවත් ඒ කාලය තුළ සෑම දෙයක්ම එතරම් පහසු නොවූ බව ෂාරුක් පැවසීය. ඔහු කීවේ මට නිතරම ක්‍රීඩාවෙන් යමක් කරන්න අවශ්‍ය බවයි…..

කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ ක්‍රීඩාවට ඇති ඇල්ම ඔහු IPL තරඟාවලියේදී KKR කණ්ඩායමට ඔල්වරසන් දෙන ආකාරයෙන් පැහැදිලිව පෙනේ. මෙවර අයිපීඑල් කුසලානය දිනාගැනීමටද එම කන්ඩායම සමත්විය.

SRK, Gauri celebrate wedding anniversary with hilarious exchange on Instagram

[adsforwp id=”3014

මේ දිනවල ෂාරුක් ගැන සමාජ මාධ්‍ය විවිධ අදහස් පළ කරන අතරේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි Koffee with Karan වැඩසටහනේ දී කළ ප්‍රකාශයක් ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹා තිබේ…..

හින්දු ජාතික කාන්තාවක වන ඇය මුස්ලිම් ජාතික ෂාරුක් ගැන ඇය ප්‍රකාශ කර තිබුණේ තමන් ෂාරුක් ඛාන්ගේ ආගමට ගරු කරන බවයි. නමුත් ඇය මුස්ලිම් ආගමට හැරෙන බව මින් අදහස් නොවන බව ද ඒ සමගම කියා තිබේ. එය ෂාරුක්ට තේරෙන බවත් ඔහු තම ආගමට ද ගරු කරන බවත් ඇය පැවසුවාය….

A look at Shah Rukh Khan and Gauri Khan's real-life Bollywood love story

[adsforwp id=”3014

ගෞරිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් පැතිර යන නමුත් මෙම වීඩියෝව 2005 වසරේ, ගෞරි, නළු රිතික් රෝෂන් සහ ඔහුගේ බිරිඳ සුසෑන් ඛාන් සමඟ වැඩසටහනට ආරාධිතයෙකු ලෙස පැමිණි අවස්ථාවේ වීඩියෝවක් බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත….

Fortune India: Business News, Strategy, Finance and Corporate Insight

[adsforwp id=”3014

ෂාරුක් ඛාන් සහ ගෞරි විවාහ වූයේ 1991 ඔක්තෝබර් 25 වැනිදාය. ශාරුක් මුස්ලිම් නිසා මුලින් ගෞරිගේ පවුලේ අය මේ විවාහයට විරුද්ධ වු බවට මාධය වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් පසුව ඇගේ පවුලේ අය ෂාරුක්ව පිළිගත් අතර විවාහයෙන් පසු ෂාරුක් සහ ගෞරි පුතු ආර්යන්, දියණිය සුහානා සහ පුත් ආබ්‍රම්ගේ දෙමාපියෝ බවට පත් වූහ.

“පැහැදිලිවම ෂාරුක් මගේ ආගමට අපහාස කරන්නේ නැහැ වගේ කාගේවත් ආගමට අපහාස නොකළ යුතුයි.” ඇය වැඩසටහනේදී කියයි.

From star wife to a successful businesswoman: The life and times of Gauri Khan

[adsforwp id=”3014

කලකට පෙර ෂාරුක් ඛාන් ඩාන්ස් ප්ලස් 5 රියැලිටි වැඩසටහනට පෙනී සිට පවසා තිබුණේ “අපි (ගෞරි සහ ඔහු) කිසිදා හින්දු-මුස්ලිම් ගැන කතා කළේ නැත. මගේ බිරිඳ හින්දු, මම මුස්ලිම්, මගේ දරුවන් හින්දුස්ථානි. ළමයි ඉස්කෝලේ යන්න පටන් ගත්තම එතන තියෙන ෆෝම් එක පුරවන්න සිද්ධ වුණා එයාලගේ ආගම මොකක්ද කියලා. ඒ කාලේ දුව ගොඩක් පොඩියි. එයා මගේ ළඟට ඇවිත් ඇහුවා අපේ ආගම මොකක්ද කියලා. මේකේ මම කිව්වේ අපි ඉන්දියන්කාරයෝ අපිට වෙනම ආගමක් නෑ කියලා…..” ලෙසිනි.

Gauri Khan reveals the best things about being married to Shah Rukh Khan | Vogue India