උණුසුම් පුවත්
Search
menaka

”මගේ පුතාට සීයට සීයක් හස්බන්ගේ රූපයමයි තියෙන්නෙ” – මේනකා පීරිස්

792

මේනකා පීරිස් කියන්නේ අපේ රටේ හැමෝම දන්නේ නර්තනයට දක්ෂ නව පරපුරේ තවත් එක් රංගන ශිල්පීනියක්. ඇයි ජනප්‍රියත්වයෙ උපරිම තලයේ ඉන්න කාලයේ විදේශයක වාසය කරන ගනකාධිකාරීවරයෙකු සමඟ සිය ප්‍රථම විවාහයට එළඹෙන අතර කාලයක් යත්ම අදහස් නොගැළපීම නිසා ඇය එම විවාහයෙන් වෙන්ව නැවතත් ලංකාවට පැමිණෙනවා.

image 209

පසුව ප්‍රසිද්ධ රංගන ශිල්පී රනිල් කුලසිංහ සමඟ සබඳතාවයක් පවත්වන ඇය ටික කාලයක් ක්ෂේත්‍රයේ ඉතාමත් ජනප්‍රිය යුවලක් ලෙස වැඩ කටයුතු සිදු කරනවා. ජීවිතයේ නරක කාල වලට ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා වගේ එහිදී ඇයටත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනතුරුව රනිල් සමඟ විවාහ වෙන මේනකා ටික කාලයකින් එම විවාහයටත් සමුදෙන්නේ නිහන්දවමයි. පසුව ඇය රංගන ක්ෂේත්‍රයෙන් ඈත්ව කාලයක් ගත කරනවා.

image 207

ඇය කටයුතු කළ රංගන, නර්තන ආදී සියලු ක්ෂේත්‍ර වලින් දුරස්ව ගතකරන මෙම කාලය තුළ ඇයට ජීවිතය යළි ලැබෙනවා. ඒ ඇය වර්තමානයේ විවාහ වෙලා ඉන්න ඇගේ ආදරණීය සැමියා ඩිල්ශාන් හමුවීමත් සමඟයි. ඔවුන් දෙදෙනාට දාව ලස්සන පුතෙකු සිටිනවා. ඇය තමන්ගෙ වර්තමාන සැමියා පිළිබඳ මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙන්න මෙහෙම අදහසක්..

image 210

”අපේ පුතා රෝවෙන් විද්වත් පතිරණ… මගේ පුතා සීයට සීයක් හස්බන්ගේ රූපයමයි තියෙන්නෙ. පුතා ලැබෙන ඉන්න කාලේ අම්මා මට පෙන්නුවා හස්බන්ඩ්ගෙ ෆොටෝ වගයක්. එයා ඒ හරිම ලස්සනයි… මමත් කිව්වා මටත් ඒ වගේ පුතෙක් ඕනේ කියලා. හස්බන්ඩ්ගෙ නැන්දා කෙනෙකුත් කිව්වා එහෙම පුතෙක් තමයි ලැබෙන්නේ කියලා…. අද අපි සතුටින් ඉන්නවා….”

image 205

අත්හැරුණු අතීතය ගැනත් මේනකා කිව්වේ මේ වගේ දෙයක්….

”අතීතය කියන්නේ අතීතයට…. ඒක දැන් අවුරුදු දෙකක් පරණයි. මම බලන්නේ අනාගතය විතරයි… අපි දැන් සතුටින් ඉන්නේ… මම හිතනවා හැමදේම වෙන්නේ හොඳට. මම ආපස්ස හැරෙන්නේ නෑ. මම අද ඉන්න තැන ගැන ආදරෙන් සතුටු වෙනවා වගේම මම හරි වාසනාවන්තයි කියලත් මට හිතෙනවා. ”

image 206