උණුසුම් පුවත්
Search
lochana

”මදුරුවො කනවා කියලා පුතා ලංකාවට එන්න කැමති නෑ” – ලෝචනා ඉමාෂි

486

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට පුංචි තිරයේ කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියන්නේ. ඇය මේ දිනවල දැකගන්න ලැබෙන්නේ නිවේදිකාවක් විදියටයි. අවුරුදු එකහමාරකින් විතර රඟපාලා නැති ලෝචනා, නෙදර්ලන්තයේ සහ ලංකාවේ කාලෙන් කාලෙට ජීවත් වන නිසා ඇය කලා කටයුතු වැඩිපුර භාර ගන්නේ නැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

image 30

පුතා සහ සැමියා නෙදර්ලන්තයේ ජීවත් වන විට ඇය කැමති හුරුපුරුදු සංස්කෘතිය තියෙන ලංකාවේ ජීවත් වෙන්නයි. නමුත් සැමියා සහ පුතා ලංකාවට එන්න කැමති නැහැ කියලයි ලෝචනා කියන්නේ…. සැමියා විදෙස්ගතවෙලා ලෝචනා ලංකාවේ හිටියත් ඔවුන් අතර තියෙන බැඳීම තවම අඩු වෙලා නෑ කියලත් ඇය සඳහන් කරනවා.

ඉතින් ලංකාවේ ඉන්න විට පුතා ගොඩක් මතක් වෙන ලෝචනා සඳහන් කරන්නෙ පුතා සහ සැමියා ලංකාවට එන්න අකමැති කියලයි. ඒ ගැන ඇය පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා.

image 31

”පුතයි සැමියායි ලංකාවට එන්න කැමති නෑ…. එයාලා නෙදර්ලන්තයටම හුරු වෙලා. මම එහෙට ගිය ගමන් පුතා බය වෙනවා මම එයාව එක්කං යන්න ඇවිල්ල කියල. එයා කියනවා අනේ අම්මි යන්න බැහැ mosquito ඉන්නව කියලා….. එයාගෙ ලංකාවෙ හිටපු කාලේ මදුරුවො, කුහුඹි කාලා ඒකට බය වෙලා ඉන්නේ.

b36a404f 0364 43d9 9181 12144fe1e51a

සැමියාත් ඇවිත් ඇවිත් යන්න එනවා. නමුත් ඉන්න නම් එන්නෙ නෑ…..ජුනි මාසයේ ඉඳලා මාස දෙකක් පුතාගේ ඉස්කෝලේ නිවාඩුයි. ඒකට පුතා අකමැති වුණත් එක්කං එන්න යනවා. මොකද මෙහෙ සංස්කෘතිය, නෑදෑයෝ එයාට අමතක වෙන්න දෙන්නෙ නෑ. පුතා, මම එහෙ ඉන්නවට අකමැති නිසා මම ලංකාවට එනවාට එයා ගොඩක් කැමතියි. ‘’

image 28