උණුසුම් පුවත්
Search
nishadi hemamali

”අක්කා මාව හංගගෙන පරිස්සම් කළා” – රටම හොයපු නදීශාගේ සුරූපී නැගණියත් කරළියට

810

රටම දන්න කෙනෙක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. ඉතින් රටම දන්නා ඇයට කවුරුත් වැඩිය නොදන්නා සුරූපී නැගණියක් ඉන්නවා. නදීෂා ගැන රටම දන්නවා වුනත් ඇයගේ පවුලේ විස්තර ගැන වැඩිය හෙළිකරලා නැහැනේ. නදීෂාට සුරූපී නැගණියක් ඉන්නවා කියලත් බොහෝ දෙනෙකු දන්නේ නැතුව ඇති. ඇයත් නිරූපිකාවක් වශයෙන් දැන් කටයුතු කරමිනුයි ඉන්නේ. ටික වෙලාවක් බලාගෙන හිටියොත් නම් ඇයත් නදීෂා වගේම කියලා බොහෝ දෙනා සඳහන් කරනවා.

නදීශාගේ නංගි නිශාදි හේමමාලි පෙරේරායි. ඇය 2021 වසරේ විවාහක රූ රැජින තරඟයට ඉදිරිපත් වෙනවා. මේ අදහස් දැක්වීම ඇය කරන ලද්දක් වන අතර ඉන් උපුටා ගැනීමක්.

image 20

”රඟපාන්න මට ගොඩක් ආරාධනා ලැබෙනවා, හොඳ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් රංගනය ගැන හොඳින් හදාරලා රඟපාන්න අවොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මගේ අක්කා නදීෂා එක්ක රුපවාහිනී වෙළඳ දැන්වීමකට සහභාගී වුණා… එතනින් පස්සේ තමයි මන් ගැන රටම හොයන්න පටන් ගත්තේ….. අක්කාගේ හැඩහුරුකම් තියන නිසා හැමෝම හිතුවා මම එයාගේ නංගි තමයි කියලා….

image 21
image 23

දිගටම කලා කටයුතු වල රැඳිලා ඉන්න මගේ කැමැත්තක් තිබුනෙත් නැහැ. අක්කා කැමති වුනෙත් නැහැ මම ක්ෂේත්‍රයට එනවට. එයා මට ගොඩාක් ආදරෙයි… මෙච්චර කාලයක් මාව හංගගෙන පරිස්සම් කලෙත් ඒ නිසයි. දැන් වුණත් කියන්නේ තෝරා බේරාගෙන හැමදේම කරන්න කියලා. මට වඩා දැනුමක් සහ අත්දැකීම් තියන නිසා නිර්මාණ භාර ගන්නකොට අක්කගෙනුත් අහනවා. දාන්නම මාත් විවහා වෙලා ඉන්න නිසා කලාව පැත්තට වැඩිය වෙලාවක් වෙන් කරන්න නම් වෙන්නේ නැහැ….

image 24

අක්කත් මට නිතරම කිව්වේ හැමදේකටම වඩා පවුල් ජීවිතේට මුල්තැන දෙන්න කියලා. අක්කා බින්දුවෙන් පටන් අරගෙන මෙතෙක් ආපු ගමන ගැන මම දැකලා තියනවා…. එයා රඟපාන්න පටන් ගනිද්දී මම පොඩියි.

image 32

විශ්වාස කරනවා මම කලාවට එන්නේ හොඳම කාලයේ කියලා…. අම්මත් එක්ක වගේම අක්කා එක්කත් මගේ හොඳ බැඳීමක් තියනවා. අපි දෙන්නම යාළුවො වගෙ ඉන්නේ, තාත්තා නැති වුනාට පස්සේ අපිව බලාගත්තේ අක්කා…. මගෙත් රූපලාවන්‍ය ව්‍යාපාරයක් තියනවා… දැන් නම් ඒකට තමයි මුල්තැන දීලා තියෙන්නේ….”

image 25
image 26
image 27
image 28
image 29
image 30
image 31




Leave a Reply

Your email address will not be published.