උණුසුම් පුවත්
Search
yureni

”මගේ නම යුරේනි නොෂිකා ගුණසේකර වුණාට අම්මගේ පැත්තෙ අය නිසා අග කෑල්ල අයින් කරලා තියෙන්නේ” – යුරේනි නොෂිකා

16790

නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය විටෙක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඉතින් නර්තනයටත් දක්ෂතා දක්වන ඒ සුරූපිනිය තමයි යුරේනි නොෂිකා කියන්නේ. මේ දිනවල ලංකාවේ කවුරුත් කතා කරන ගජමෑන් චිත්‍රපටය ට චිත්‍රපටයට දායකත්වය ලබා දීලා තියන යුරේනි, පුංචි තිරය හරහා අපිට දැකගන්නට ලැබෙනවා හිරු නාලිකාවේ නාළිකාවේ විකාශය වන ”හැපි අවර්” වැඩසටහන හරහා.

May be an image of 1 person and jewelry

ආන්දෝලනාත්මක ඡායාරූප සමාජගත කරන යුරේනි ගැන සමාජ මාධ්‍ය වැඩිපුර කතා කරන්නට උනන්දු වෙනවා. ඉතින් ඇගේ විලාසිතා වලට සමහරක් දෙනා විවිධ විවේචනයන් එල්ල කලත් ඇය නිදහසේ, ඇගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ වන විට ඇගේ චිත්‍රපට කිහිපයක්ම සිනමා ශාලා වල තිරගත වෙනවා. යාළුවෝ ද යාලුයිද චිත්‍රපටයටත් ඇය ඇගේ දායකත්වය ලබාදීලා තියෙනවා.

May be an image of 1 person and standing

අද වන විට මේ විදියට සැපවත් ජීවිතයක් ගත කලාට යුරේනිගේ අතීතය නම් එතරම් සුන්දර නැහැ කියලයි ඇය කියන්නේ. එක්තරා සාකච්චාවකට එක්වෙමින් යුරේනි ඇගේ අතීතය ගැන මතක් කරලා තිබුණේ මේ විදියටයි….

May be an image of 1 person, standing and jewelry

”මගේ අම්මයි තාත්තයි රිය අනතුරකින් නැති වෙනකොට අම්මගෙ බඩේ තව ළමයෙක් හිටියා කියලා වෛද්‍ය වාර්තා වල තියෙනවා….. එහෙම නොවුනා නම් මට අද නංගියෙක් ඉන්නවා… අපේ අම්මායි තාත්තයි බැදලා තියෙන්නේ යෝජනාවකින්. ඉතින් එයා සතුටින් නෙමෙයි තාත්තා එක්ක ඉදලා තියෙන්නේ. එක අතකට සතුටක් නැත්නම් එහෙම ඉදලා වැඩකුත් නෑනේ…..

May be an image of 1 person, standing and ocean

මගේ නම යුරේනි නොෂිකා ගුණසේකර. ඉතින් මාව අසරණ වුනාම බලා ගත්තේ තාත්තගේ පැත්තෙ අය නෙමෙයි, ඒ නිසා මම ගුණසේකර නම අයින් කරලා තියෙන්නේ….. මොකද මම අද තැනක ඉන්නවනේ. එතකොට මගේ ක්‍රෙඩිට් එක තාත්තගේ පැත්තට යනවට මම කැමති නෑ…..’’

May be an image of 1 person, jewelry and outdoors

මේ විදියටයි යුරේනි නොෂිකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person, standing and footwear