අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ ආකර්ෂණීය ඒ වගේම අතිශයින්ම දක්ෂ කලා තරුවක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ඇය නටන්න, රඟපාන්න, සිංදු කියන්න වගේම හැමදේටම දක්ෂ කලා තරුවක්. පූර්ණ කාලීනව රංගන ශිල්පිනියක් වෙන්න කලින් දිනිති ගුවන් සේවිකාවක් විදිහට තමයි වැඩ කටයුතු කළේ. ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක්…..
දිනිති ගැන කතා කරද්දේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම ඈ පිළිබඳව කතා කරන්නේ ඇය තමන් ගැන කරන විවිධ වර්ණනා නිසයි. එක අතකට ගත්තහම ඇයට තියෙන ඒ සුවිශේෂී හැකියාවන් නිසාම බොහෝ දේවල් ළඟා කරගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
කෙසේ නමුත් ඇය තමන්ගේ ඇචිව්මන්ට් ගැන කතා කරද්දි සමාජයේ බොහෝ දෙනා විවිධ අදහස් උදහස් ඒ වෙනුවෙන් පළ කරනවා. ඇතැමුන් ඇයට චෝදනා කරද්දී ඇතැමුන් ඇයව අගයනවා ද දැකගන්නට පුළුවන්.
නමුත් දිනිති නම් මේ කිසි දෙයක්ගණන් ගන්නෙ නැතුව තමන්ගෙ ගමන යනවා කියලා තමයි පෙනෙන්නට තියෙන්නේ. ඇය තව තවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වෙන්නේ ඒ නිසයි.
කෙසේ නමුත් දිනිති පසුගිය දවසක වැඩසටහනකට එකතු වෙලා ඇය පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්…..
“මම ප්‍රිෆෙක්ට් කෙනෙක්, මම බෑන්ඩ් ලීඩර්, drama president, science president, මට සමස්ත ලංකා සෙටිපිකට් 07ක් තිබුණා එකම අවුරුද්දේ…. මම පොඩි කාලේ ඉඳන් හරි දක්ෂයි ඉගෙන ගන්න. ශිෂ්‍යත්වෙන් මට තිබුණා දිස්ත්‍රික් රෑන්ක් එකක්. ඒවගේම ඕලෙවල් ඒ අටයි. අම්මලා තාත්තලත් උගන්නන එක විතරමයි කරන්නේ….. මගේ අම්මා ටීචර්, තාත්තා ගුරු උපදේශක, ලොකු අම්මා ප්‍රින්සිපල්, මාමා ටීච…. ගෙදර ඔක්කොම ටීචර්ස්ලා….”
ඔන්න ඔය විදිහේ පරිසරයක ජීවත් වෙමින් තමයි දිනිති තමන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන තියෙන්නේ.