උණුසුම් පුවත්
Search
shalani

”මට මනමාලයෝ හොයන ජොබ් එක අම්මා කරනවා” – ශලිනි ප්‍රනාන්දු

510

2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය විදියට කිරුළු පළදා රංගන වරම් ලබා ගන්න ඇය ශලිනි ප්‍රනාන්දු. දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවනි ඉනිම’ කියන්නේ ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් මිනිස්සු බැන බැන හරි නරඹන දෙවැනි ඉනිමේ චූටි මැණිකේ විදියට ප්‍රේක්ෂක අපි අතරට ආවේ කවුද කියලා අපු කවුරුත් දන්නවා….

image 86

ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි ප්‍රනාන්දුයි. වසර පහක් පමණ කාලයක් දෙවැනි ඉනිම සමගින් රැදී සිටි ශලිනි මේ වන විට දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලා කියලා අපි කවුරුත් දන්නවා. ඇය සඳහන් කරන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් වුණේ මෙම කණ්ඩායම සමඟ කිසිම අමනාපයකින් නොවන බවයි.

image 87

ඒකාකාරී චරිතයකට කොටු වීම නිසා තමයි ශලිනි දෙවෙනි ඉනිමේ ලිහිණි හෙවත් චූටි මැණිකේ චරිතයෙන් ඉවත් වෙන්නේ. නමුත් තවමත් මේ චරිතය සඳහා ඇයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතින් දෙරණ නාලිකාවේ තුළින් ගොඩ නගා නගාගත් තම චරිතය තවත් වැඩි දියුණු කරන ටෙලි නාට්‍යයක් විදිහට දෙරණෙහිම විකාශය වුණු ‘ලොක්කි’ ටෙලිනාට්‍යයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත්ත ටෙලිනාට්‍යයක්. ඉතින් ශලිනි එක්තරා පුවත්පතක් සඳහා ඇගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් ඒ විදිහටයි ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

image 88

”මගේ තාත්තා නැතිවුණේ මට වයස අවුරුදු 4 දි. මගේ ජීවිතේ ලොකුම අහිමිවීම මගේ තාත්තා. ඊට එහා ගිය එකක් නෑ….. ලොක්කි ටෙලිනාට්‍යයේ තාත්තා ගැන කියන සිංදුවේදී මට ඇත්තටම මගේ තාත්තා නැති වුණා. තවම ප්‍රේමවන්තියක් නෙමෙයි. අම්මා කියනවා විවාහ වෙන්න සූදානම් වෙන්න කියලා. මට තවම හදිස්සි නෑ ඒකට. අම්මට බාර දීලා තියෙන්නේ මනමාලයෝ හොයන ජොබ් එක.”

image 89