උණුසුම් පුවත්
Search
harshi

”මගේ හස්බන්ඩ් කෝටිපතියෙක් නෙවෙයි” – රටේම තරුණයින් හඬවමින් විවාහ ගිවිසගත් හර්ෂි රසංගා

3295

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් දක්ෂ නර්ථන ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ හදිසියේම ඇය කඩවසම් තරුණයෙකු සමඟින් විවාහ ගිවිසගත් නිසයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

image 42

අවුරුදු විස්සක මේ පුංචි කෙල්ලට තම වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් තියෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම සුජාතා ටෙලි නාට්‍යයේ ළමා චරිතයකට පණ පෙවූ ඇය පසුගිය කාලයේ ළංවී කියන නාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා.

image 41

ඉතින් ඇය පහුගිය දවසක විවාහ වුනේ ගුවන් සේවයේ නියුතු තරුණයෙක් එක්ක. ඒ වගේම ඇය පුංචි වයසින්ම ජීවිතේ ගැන වෙනස්ම විදිහට හිතන්න වැඩ කරන්න පුරුදු වුණු කෙනෙක් කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඇය විවාහ ගිවසගත්තෙත් ඒ ගැන දැනගෙන හා ඇයට ඔහු එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම දැනුණු නිසා කියලත් හර්ෂි කියනවා. කොහොම නමුත් විවාහ වෙනවා කියලා කලින් කිව්වාම අගයක් නැති නිසා ඒ ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළේ නැහැ කියලත් ඇය කියනවා.

image 40

ඒ වගේම ඔහු ඇයට වඩා අවුරුදු හයක් වැඩිමහල් කියලයි ඇය කියන්නේ. මහේන් අනුරාධ තමයි ඔහුගේ නම. ඔහු දෝහාවල පදිංචි කෙනෙක්. ඒ වගේම කටාර් ගුවන් සේවයේ තමයි ඔහු රැකියාව කරන්නෙ. ඉතින් ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් ඇයව ෆලෝ කරන කෙනෙක්ලු. ඒ වගේම ඇය අහසට ආදරේ කරන කෙනෙක් නිසා නිතරම වගේ අහස ගැන ස්ටෝරිස් දානකොට දවසක් ඔහු ඇය දැම්ම අහස ස්ටෝරී එකකට ප්‍රතිචාර දක්වලා තිබ්බාලු හරිම වෙනස් විදිහකට. ඉතින් ඊට පස්සේ ඇය ඔහුත් එක්ක මැසේජ් කරද්දී හරි හුරු පුරුදු ගතියක් දැනුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ඔවුන් දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු එකහමාරක් විතර ආදරේ කරා කියලයි ඇය කියන්නේ.

image 38

දැන් ගොඩක් අය කියන්නේ ඇය රංගනයෙන් ඈත් වෙන්නේ විවාහ වුන නිසා කියලාලු. නමුත් ඔහු අදටත් ඇයට කියලා නැහැලු රඟපාන්න එපා කියලා. ඉතින් ඇය ඉක්මනින් විවාහ ගිවිස ගත්තේ මහේන් එක්ක කටාර් ගිහින් වැඩිදුර ඉගෙන ගන්න අදහසින්ලු. ඊට පස්සේ අවුරුදු දෙක තුනකට පස්සේ වෙඩින් එක ගන්න ඉන්නවාලු. ඒ වගේම ඔහු කෝටිපතියෙක් කියලා බොහෝ දෙනෙක් හිතුවට ඔහුත් ඇය වගේම සාමාන්‍ය කෙනෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

image 39