මේදා ජයරත්න කියන්නේ නිලියක්, නිවේදිකාවක්ම නිරූපිකාවක් සහ ක්ෂේත්ර ගණනාවකම දක්ෂ කෙනෙක් වශයෙන් හඳුන්වා දෙන්න පුලුවන්. ඒ තොරතුරු වගේම ඇයගේ තවත් විශේෂ දේවල් ගැනත් කතාබහකට එකතු වෙමින් මෙලෙසින් පවසලා තිබුනා.
අලුත් නිර්මාණ වලට සම්බන්ද වෙලා ඒවායේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව නිරූපන කටයුතු වලටත් ගොඩක් ආරාධනා ලැබෙනවා.

පසුගිය කාලයේදී ගෙදරට වෙලා නම් හිටියේ නැහැ. දිගටම වැඩ කළා, කාර්යබහුල දින කිහිපයක් ගත කරන්නේ. සමහර දවසට පාන්දර වෙනකන්ම වැඩ කරනවා.
සමහරු කියනවා දැනටත් මම තනිවෙලා කියලා. ඇත්තෙන්ම කවදාවත් මම තනි වුනේ නැහැ. හැමදාම මගේ පවුලේ අයත් එක්කමයි ඉන්නේ.

අපි තනිකඩව ඉන්නවා කියලා දැනගත්තම සමහරු හිතනවා ඕනෑම වැඩක් අපෙන් කරගන්න පුලුවන් කියලා. එහෙම යෝජනා ඕනෑතරම් ඇවිල්ලත් තියනවා.
දැන්නම් මට පෙම්වතෙක් ඉන්නවා ඔහු කළා ක්ෂේත්රයට සම්බන්ද කෙනෙක් නෙවෙයි. එයා මට වඩා වසර තුනක් විතර බාලයි. ඒක මට ප්රශ්නයක් නැහැ, මම වැඩිමල් වුනා කියලා එයාටත් ප්රශ්නයක් නැහැ. ඉතින් අනිත් අයටත් එක ගැටළුවක් වේවි කියලා මම හිතන්නේ නැහැ.
