උණුසුම් පුවත්
Search
Untitled design 22

” මගේ පෙම්වතා එංගලන්තෙ ඉන්නේ.වෙඩින් එකක් ගන්න තරම් අතේ සල්ලි නැහැ ” – හිමායා බණ්ඩාර

150

හිමායා බණ්ඩාර කියලා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.හිමායා කියනවාටත් වඩා ගොඩක් දෙනෙක් අදුරගන්නෙ සොනාලි ටීචර් කිව්වම.දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සොනාලි ටීචර් චරිතයට පණ පොවන ඇය ඒ ඔස්සේ ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ද ආදරයක් ද දිනා ගත්තා.ඒ වගේම තමයි හදවතේ කථාව ටෙලිනාට්‍ය තුලින් ඇය රඟදක්වන ගුරුවරියකගේ චරිතය ඔස්සේද ඇය ඉමහත් ජනප්‍රියත්වයක් ලබනවා.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳව.ඉතින් ඇයගේ කතාවට ආරම්භය ගත්තේ මේ අයුරින්.

85187857 620686592080856 5578711090671386624 n

“ඇත්තටම රංගන ක්ෂේත්‍රයට ආවම මට ගොඩක් ලැබුනෙ ගුරුවරුන්ගේ චරිත.ඉතින් ඒ ඔස්සේ විශාල ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක්‍ රොක් කර ගැනීමට මට හැකියාව ලැබුණා.මේ වන විට මම හදවතේ කතාව ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙලා ඉන්නෙ.මුදල් ගෙවීමේ පාඩුවක් නිසා තමයි මට එහෙම කරන්න සිද්ධ වුණේ.

20953209 1449100011846479 5178528651747301084 n

මේ වනවිට රංගන කටයුතු වල නම් මම තාම නියැළිලා නැහැ.නමුත් ෆේස්බුක් එකේ සහ instagram වල මම ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්නේ.මොකද මගේ ඇඳුම් විලාසිතා වලට ප්‍රිය කරන ගොඩක් අය ඉන්නවා.එයාලගෙන් මට හොද ප්‍රතිචාර හම්බවෙනවා.පසුගිය දින කිහිපයේදී නම් ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියේ.ස්නායු රෝගයක් නිසා මම බෙහෙත් බොනවා.ඒ බෙහෙත් සැරට වෙන්න ඇති උගුර තුවාල හැදිල ලොකු වේදනාවකින් හිටියේ.

shooting ගිහින් ආවට පස්සේ මම කරන්නේ ගොඩක් දවල් වෙනකම් නිදා ගන්න එක.ඉතින් කෑම වේල් එහෙම හරියට අතපසු වෙනවා.ඉතින් මට තියෙන අසනීප වලට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ ඒක තමයි.

271951334 307450328000311 1080037995088226145 n 820x1024 1