උණුසුම් පුවත්
Search
channa

”ගයත්‍රීට තියෙන බැඳීම කවදාවත් නැති වෙන්නේ නෑ” – යළිත් පෙම්වතෙක් වුණ චන්න පෙරේරා

549

චන්න පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක්.

මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ආවත් ඔහු අද වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.

එදා චන්න විසින් අධ්‍යක්ශණය කරලා නවක රංගන ශිල්පිනියක් වෙච්ච පූජා උමාශංකර් ක්ෂේත්‍රයට ගෙනාපු ”අන්ජලී” චිත්‍රපටයට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

May be an image of 8 people and people smiling

ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ චන්න කලාව තුළින් ඉගෙන ගත්ත බොහෝ අත්දැකීම් සහ දැනුම් සම්භාරයත් එක්ක.

ඒ වගේම තමයි කාලෙකට කලින් චන්න විවාහ වෙන්න තෝරගත්ත තවත් ක්ෂේත්‍රයේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගයාත්‍රී ඩයස් කියන්නේ. ගයාත්‍රි රංගනයට අමතරව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේත් ප්‍රකටයි. මේ විවාහයෙන් දෙදෙනාටම දියණියන් දෙදෙනෙක් ද සිටින බව මුළු රටම දන්නවා. ඒ වගේමයි ඔහ්වුන්ගේ වැඩිමහල් දියණිය පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා.

May be an image of 1 person

හැබැයි මේ විවාහයෙන් පස්සෙ කාලෙක මේ දෙන්නම වෙන් වෙන්න තීරණය කළා.

කාලෙකට පස්සේ ඔන්න චන්න යලිත් අලුත් ආදරයක පැටලිලා තියෙනවා.

ඒ ගැන චන්න යූටියුබ් නාලිකාව සාකච්ජාවක එක්වෙමින් අදහස් දක්වා සිටියේ මෙලෙසිනුයි.

”මගේ දියණියන්ගේ අම්මා හැටියට සහ මගේ පළමු බිරිඳ හැටියට මම අනිවාරෙන්ම ඇය ගැන තියෙන බැඳීම සහ සම්බන්ධය තියෙනවා. ඒ බැඳීම කවදාවත් නැති වෙන්නේ නෑ…. අපි නීතියෙන් ඈත් වුණා කියලා ඇය මං වෙනුවෙන් කරපු දේවල් ගැන මගේ මතකයේ තියෙනවා. අපි ප්‍රසිද්ධියේ විවේචනය කරලා නෑ. ස්වයං පාලනයකින් හැමදේම කරලා තියෙනවා. දැන් ඇගේ ජීවිතය මට අදාළ නෑ….” යනුවෙනුයි ඔහු සඳහන් කර සිටියේ.