උණුසුම් පුවත්
Search
mcdonals

රටවල් රැසක මුස්ලිම් ජනතාව මැක්ඩොනල්ඩ් අවන්හල් වර්ජනයක ?

189

ඊශ්‍රායලයේ පිහිටා ඇති මැක්ඩොනල්ඩ් සමාගමට අයත් අවන්හල් මගින් ඊශ්‍රායල් සොල්දාදුවන්ට ආහාර වේල් දහස් ගණනක් නොමිලයේ ලබාදීමත් සමඟ ලොව පුරා රටවල් රැසක මුස්ලිම් ජනතාව මැක්ඩොනල්ඩ් අවන්හල් වර්ජනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ සමඟම ලොව පුරා රටවල් රැසක සිය වෙලඳ කටයුතු පවත්වාගෙන යෑමේ අර්බුදයකට මුහුණ දුන් මැක්ඩොනල්ඩ් සමාගම ඊශ්‍රායලයේ ඇති සියළුම වෙලඳසැල් සිය භාරයට ගැනීමට තීරණය කර තිබේ.

ඊශ්‍රායලය පුරා මැක්ඩොනල්ඩ් අවන්හල් 225ක් පවතින අතර එහි සේවකයන් 5000කට අධික සංඛාවක් සේවය කරයි. එරට සියලුම අවන්හල් පවත්වාගෙන යාමේ ෆෙන්චයිස් අයිතිය ඊශ්‍රායල් සමාගමක් වූ ඇලෝනියල් සමාගම වෙත ලබා දී තිබුණි. එම සමාගම විසින් සොල්දාදුවන්ට නොමිලයේ ආහාර ලබා දී තිබූ අතර එයට ප්‍රතිචාර වශයෙන් මැක්ඩොනල්ඩ් මව් සමාගම විසින් නැවත ගිවිසුමක් හරහා ඊශ්‍රායලයේ පවතින සියළු අළවිසැල් තමන්ට පවරා ගැනීමට කටයුතු කර ඇත.

මැක්ඩොනල්ඩ් වර්ජනය කිරීමේ රැල්ල මුලින්ම මැදපෙරදිග රටවලින් ආරම්භ වූ අතර පසුව එය මැලේසියාව, පකිස්ථානය වැනි මුස්ලිම් බහුතරයක් සිටින රටවලට මෙන්ම ප්‍රංශය, ඉන්දුනීසියාව වැනි රටවලට ද පැතිර ගියේය. සමාගමේ ලොව පුරා 40,000කට අධික අවන්හල් ජාලයෙන් බහුතරය වෙනත් ෆෙන්චයිස් සමාගම් මත රඳා පවතින අතර එයින් 5% පමණ ප්‍රමාණයක් මැදපෙරදිග රටවල් නියෝජනය කරයි.

තිලාන් ජයසේකර