උණුසුම් පුවත්
Search
elon and trump

ට්‍රම්ප්ගේ ට්විටර් තහනම මස්ක් ඉවත් කරයි

131

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ට්විටර් සමාගම පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පෙරේදා පවසා සිටියා.

ඒ අනුව මෙතෙක් කලක් අත්හිටුවා තිබූ ට්‍රප්ගේ ට්විටර් ගිණුම ද ඒ සමග යළිත් සක්‍රිය වී ඇතැයි සඳහන් වෙයි.

“ජනතාව කතා කළා. ට්‍රම්ප් යළිත් ට්විටර් ගමන අරඹාවි” යනුවෙන් මස්ක් මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

2021 ජනවාරි 06 වනදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවුණු කෝලහාලයත් සමග ට්විටර් බලධාරීන් ට්‍රප්ගේ ට්විටර් ගිණුම මෙලෙස අත්හිටුවා දැමුවේය. ඔහු සිය අවසන් ට්විටර් පණිවුඩය තබා තිබුණේ ඊට දින දෙකකට පසුවයි.

නව ජනපතිවරයා ලෙස බයිඩන් දිවුරුම් දීමේ අවස්ථාවට තමා සහභාගි නොවන බව ඔහු එහි සටහන් කර තිබුණි.

මස්ක් ට්විටර් සමාගමේ හිමිකරුවා බවට පත්වීමෙන් අනතුරුව ට්‍රප්ගේ මෙම ට්විටර් ගිණුම යළිත් සක්‍රිය කරන බවට අවස්ථා කිහිපයකදීම ඇඟවීම් සිදු කළේය.

විශේෂයෙන්ම සෑම දෙනාටම සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ට්විටර් කටයුතු කරන බවක් මස්ක් එහිදී සඳහන් කර තිබුණි.

මේ අතර ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට තරගයක් ලෙස ට්‍රම්ප් දැනට වසරකට පමණ පෙරාතුව Truth Social නමින් තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළ අතර, අද වන විට එය එක්සත් ජනපදය තුළ පරිශීලකයන් රැසකගේ කැමැත්ත දිනාගනිමින් සිටින බවත් සදහන් වෙයි.