මේ දින වල උණ රෝගය වැළඳී ඇති පිරිසගෙන් බොහෝ දෙනෙකු කොවිඩ් -19 රෝගීන් ලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබ තිබෙනවා.
බිම් මට්ටමින් පැතිර යන මෙම රෝගය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර නොගැනීම නිසා ඉදිරියේදී මෙම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ.
පෙර ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා යම්තාක් දුරකට හෝ මෙම රෝගය ව්‍යාප්ත වීම අඩාල වී තිබූ නමුත් නැවත වතාවක් එම රෝග ලක්ෂණ තිබෙන අය බොහෝ පිරිසක් සමාජය තුළින් හමුවීම බරපතළ කාරණයක් බව ද ඔහු කියා සිටිනවා.
උණ රෝගී ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීම නිසා පාසල් තුළ මෙම රෝගය පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ද ඔහු පවසනවා.
මෙම රෝගය තවදුරටත් පැතිරී ගියහොත් සමාජ ඒකරාශීන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර සිටියා.
Source – Mawbima