උණුසුම් පුවත්
Search

උතුරු කොරියාවේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ පිරිස මිලියනය ඉක්මවයි

93

දරුණු “ඔමික්‍රෝන්” වසංගත රැල්ලක් පැතිර යෑමත් සමගම උතුරු කොරියාවෙන් පෙරේදා (16) වන විට මිලියනයකට අධික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර කොවිඩ් ආසාදනයට ගොදුරු වූ 50 දෙනකු පමණ මියගොස් තිබූ බව උතුරු කොරියානු රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර සිටියි.

“ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස් ප්‍රභේදය පැතිරීම හේතුවෙන් බොහෝ දෙනා උණ රෝගයට ගොදුරු වුව ද උතුරු කොරියානු රජය විසින් ප්‍රකාශ කර ඇත්තේ උණ රෝගයක් රට පුරා පැතිර යන බව පමණි.

උතුරු කොරියාව විසින් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ද සීමා කර තිබීම හේතුවෙන් රට තුළ සැබවින්ම කොපමණ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් සිටිනවාද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වන විට දැඩි අගුලු දැමීමකට ලක්ව සිටින උතුරු කොරියාවේ ජනතාවගෙන් බහුතරය කොවිඩ් එන්නත්කරණයට ලක් වී නොසිටීම හා රට තුළ දුර්වල සෞඛ්‍ය පද්ධතියක් පැවතීම යන කරුණු හේතුවෙන් ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පැන නැගී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දරුණු ලෙස රට පුරා ඔමික්‍රෝන් රැල්ල පැතිර යෑමත් සමගම උතුරු කොරියානු සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස විවේචනය කර ඇති එරට නායක කිම් ජොන් උන් කොරෝනා ආසාදිත ජනතාවට අවශ්‍ය බෙහෙත් බෙදාහැරීමේ කටයුතු වලට සහාය වන ලෙස එරට හමුදාවට නියෝග කර තිබේ.




Leave a Reply

Your email address will not be published.