උණුසුම් පුවත්
Search
anthony

අකිල ධනුද්දරගෙන් ජැක්සන් ඇන්තනී ගැන තවත් ආරංචියක්?

1246

ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනී මීට මාස කීපයකට පසුව හදිසි අනතුරකට ලක්ව මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වල විවිධ තොරතුරු පළ වන වකවානුවක දී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඔහුගේ බාල පුත් සජිත ඇන්තනී කියාසිටියේ තම පියානන්ගේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් විවිධ කට කතා පළවන බවත් ඔහුගේ සැබෑ තත්ත්වය දන්නේ පවුලේ උදවිය පමණක් බවයි.

image 182

ඊයේ ඔහුගේ වැඩිමලහ් පුත් අකිල ධනුද්දර ඇන්තනී ද ඔහුගේ සමාජ මාධ්‍ය වල ජැක්සන් ඇන්තනී සිය සොහොයුරන් දෙදෙනා සමඟ සිටිනා ඡායාරූපයක් පළ කරමින් “තව ටික දවසකින් ආයෙත්” යැයි සඳහන් කර තිබුණා.

image 181

ඔහුගේ ඇත්ත තත්වය කුමක්ද? අකිල මෙසේ පළ කළේ ඔහුගේ තත්වය සුව අතට හැරෙන නිසාද? යයි බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා.

කෙසේ නමුත් ප්‍රේක්ෂකයින් ද ඔහුට ඉක්මන් සුවය පතන්න අමතක කර නැහැ.

image 183