රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් ඇද්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ, ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බවයි.
අදාළ පරික්ෂණ කට්ටල හෙට (08) දිනයේ දී බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට කටයුතු කරන බව වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කර සිටියා.
“ඒ කට්ටල ලබාදුන්නම අදාළ රෝගියෙක් පැමිණුනොත් ඒ රෝහලට හෝ ඒ පළාතට හෝ ඒ ප්‍රදේශයට ඒ විශේෂඥ වෛද්‍යවරයා හිතනවා නම් මේක අහවල් රෝගය විය හැකි කියලා. පරීක්ෂණාත්මකව ඒක සනාත කරගන්න කට්ටල ටික තමයි අපි මේ ලබාදෙන්නේ. එහෙම නැතුව පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනවා නෙමෙයි…. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අපි මේ ආර්ථික දුෂ්කරතා, මේ තියෙන සෞඛ්‍ය ඖෂධ හිඟය අනෙකුත් දේවල් එක්ක ගත්තාම මේ Monkeypox රෝගය වැළඳුන කෙනෙක් අඳුරගැනීමේ හැකියාව ලංකාවට තියෙනවා. ඒ හැකියාව දැනට අපි ලබාගෙන තියෙනවා. ඒ කට්ටල අපි ලබාදෙනවා අදාළ ස්ථාන වලට…. ඒ අනුව, අපිට ඒ හැකියාව ඉදිරියේදී තියෙනවා….”