බොහෝ රටවල් විසින් වැඩි අවධානයක් යොමු නොකළ ද ‘මන්කිපොක්ස්’ හෙවත් වඳුරු උණ රෝගය තවමත් ගෝලීය හදිසි අවදානම් සෞඛ්‍ය තත්ත්වයක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.
මන්කිපොක්ස් රෝගය තවමත් රටවල් තුළ පැතිර යමින් පැවතීම නිසා රෝගයේ අවදානම් තත්ත්වය තවත් ඉහළ දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් සතියේ දී පියවර ගෙන තිබිණි.

එම සංවිධානය විසින් මෙම රෝගය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ ඉකුත් ජුලි මාසයේ දීය.

අමෙරිකානු රෝග නිවාරණය හා පාලනය පිළිබඳ මධ්‍යස්ථානයට අනුව මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ දී ලොව පුරා රටවල් 107කින් මන්කිපොක්ස් රෝගීන් 71,096 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙතෙක් රෝගය නිසා මිය ගොස් ඇති සංඛ්‍යාව 22කට අධික බව ද වාර්තා වී තිබේ.
