උණුසුම් පුවත්
Search
monkeypox 1 1

බ්‍රිතාන්‍ය තුළ මන්කිපොක්ස් රෝග ලක්ෂණ ඇති අයට එකතුවීම ගැන අනතුරු අඟවයි

381

බ්‍රිතාන්‍ය තුළ මන්කිපොක්ස් රෝග ලක්ෂණ ඇති බවට හඳුනාගන්නා පුද්ගලයන්ට ලිංගික සබදතා පැවැත්වීම සිදු නොකරන ලෙස උපදෙස් දීමට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් පසුගිය දිනෙක දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සය තුළ මෙම වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා මෙම උපදෙස් අනුගමනය කළ යුතුව ඇතැයි පවසා තිබෙනවා.

මේ වන විට බ්‍රිතාන්‍ය තුළ පමණක් මෙම මන්කිපොක්ස් ආසාදිතයන් 200කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වනවා.

ඒ අතරින් සිදුවීම් 71ක්ම එංගලන්තය තුළින් වාර්තා වී ඇති අතර ස්කොට්ලන්තය තුළ සිව්දෙනෙක්,උතුරු අයර්ලන්තය සහ වේල්සය තුළ එක් අයෙකු බැගින් ද ආසාදිතයින් වාර්තා වනවා.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ සමලිංගික සබදතා පවත්වන පුද්ගලයන් අතර මෙම වෛරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම රෝගය වැලඳුණු යම් පුද්ගලයෙකුගේ සම මතුපිට හටගන්නා දද වැනි ලක්ෂණ සම්පූර්ණයෙන්ම සුව වී ඒවායේ තුවාල වේලීමක් සිදුවන තෙක් තවත් අයෙකු සමග සමීප සම්බන්ධතාවක් නොපවත්වන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

එම පිරිසද ලිංගික සබදතා පැවැත්වීමේ දී සිය ආසාදිත බවින් සති 08ක් යන තුරු උපත් පාලන කොපු භාවිතා කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.

ඇද ඇතිරිලි හෝ තුවා මගින් ද මෙම වෛරසය ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණය වන බවත්, තමන්ගේ සමෙහි ඇති අසාමාන්‍ය කුෂ්ට හෝ අසාමාන්‍ය වණ වීම් යනාදිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් UKHSA බලධාරීන් පවසා සිටිනවා.

මන්කිපොක්ස් රෝග තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මන්කිපොක්ස් පිළිබද විශේෂඥවරියක වන වෛද්‍ය රොසාමාන්ඩ් ලෙවිස්, මේ දක්වා ලොව පුරා එම ආසාදිතයන් සිය ගණනක් හමුවීම වසංගතයක් බවට පෙරළීමක් බලපොරොත්තු නොවන බවත් පවසා තිබීම ද සුවිශේෂී කරුණක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *