උණුසුම් පුවත්
Search

වෙස් ගත් පිරිමි පුද්ගලයෙකු මොනාලිසාට කරදර කරන්න හදලා (ඡායාරූප සහිතයි)

172

ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුවකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක්, එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට උත්සාහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරනු ලැබූ, මිල කළ නොහැකි අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස ‘මොනාලීසා’ සිතුවම සලකනු ලබනවා.

මෙය ලුව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ, බිදිය නොහැකි, වෙඩි නොවදින වීදුරු රාමුවක් තුළයි.

ආබාධිත මහලු කාන්තාවක සේ කෞතුකාගාරයට ඇතුළු වුණු එම පිරිමි පුද්ගලයා මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන සිතුවමේ අයිසිං කේක් තවරා ඇති බව සඳහන්.

Mona Lisa completed later than thought, Louvre confirms | Culture Monster |  Los Angeles Times

වීදුරු ආවරණයක් මතුපිටින් ඇති බැවින්, සිතුවමට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු අතර, සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දී තිබෙනවා.

සිදු කළ විමර්ශන වලින් පසු පොලිසිය පවසා ඇත්තේ එය අවදානය දිනාගැනීමට ගත් උත්සාහයක් බවයි.

‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට ගත් එම උත්සාහයට, සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබී තිබෙනවා.

Mona Lisa Is ATTACKED With Custard Pie By Man Disguised As Elderly Woman In  Wheelchair - Planetnewspost

(රොයිටර්)




Leave a Reply

Your email address will not be published.