තිසුරි යුවනිකා කියන්නේ පුංචි තිරයේ ප්‍රේක්ෂක හදවත් වල ලැගුම් ගත්ත ආදරණිය චරිතයක්. ඇය බොහෝම නිහඬ චරිතයක් වුවත් අම්මාගේ අඩි පාරේ අඩි තියමින් යන ඈ සිනමා තිරයනුත් ඔබව මුණගැසුණා. මේ තියෙන්නෙ ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ කතාබහක්.

තිසුරි පුංචි තිරයට සමු දුන්නද ?
විවාහයෙන් පස්සෙත් මම දිගටම වැඩ කළා. මම කොහොමත් එක දිගට වැඩ භාර අරගෙන කරන කෙනෙක් නෙවෙයි. 2020 දී මට රංගනයෙන් ටිකක් ඈත් වෙන්න වුණේ අම්මගේ අසනීප තත්ත්වය එක්ක. මම අම්මා ළඟ සිටිය යුතු නිසා. මම වැඩ කළේ ම නෑ….

අම්මා අසනීප වුණා කියලා ගෙදර සහායටත් කවුරුත් ගත්තෙ නෑ, සියලුම දේවල් වුණේ මගේ අත් දෙකෙන්මයි…. අවුරුදු 02කට ආසන්න කාලයක් මම කලා කටයුතු වලට දායක වුණේම නෑ. රඟපෑමට නැවතීමේ තිත තියලා නෑ. පොඩි විවේකයක් ගන්න ඕනෑ කියලා හිතුණා…..

කොහොමද දැන් අම්මාගේ අසනීප තත්ත්වය ?
දැන් අම්මට ගොඩක්ම සුවයි. අම්මා වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර වලට යොමු වෙනවා. පරීක්ෂණ කරනවා. අම්මා නීරෝගිව ඉන්නවා. ඒ තරම් සතුටක් මට තවත් නෑ….. කලාවෙන් අම්මා ඈත් වෙලා නෑ… පසුගිය කාලෙත් අම්මාට ආරාධනා ලැබුණා. ඒත් කොවිඩ් ප්‍රශ්නත් එක අමාව යවන්න මම බය වුණා. දැන් ඇය ගෙදරට වෙලා විවේකිව ඉන්නවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගනී.

දියණියක් විදිහට ඒ කටුක කාලය දැණුනේ කොහොමද ?
අම්මගේ අසනීපය දැනගන්න ලැබුණු වෙලාවේ හිතට ලොකු තිගැස්මක් ආවා. නමුත් තාත්තවත් මමවත් මගේ සැමියාවත් වැටුණේ නැහැ. අපි වැටුණා නම් අම්මත් වැටෙනවා….

මම හිතාගත්තා අම්මව මොන ලෝකෙන් හරි සනීප කරගන්නවා කියලා. අම්මා මට හැමදාම කිව්වේ සැප වගේම දුකත් දෝත බඳලා බාරගන්න වෙනවා කියලා….
