උණුසුම් පුවත්
Search
japan

අනියම් ඇසුරක් නිසා ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි

91

විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වාර්තා කර ඇති අතර මීට පෙර ඇයට විරෝධය එල්ල වූයේ ඇයගේ යුක්‍රේන සම්භවය හේතුවෙනුයි.

VIDEO | This year's Miss Japan is Ukrainian: The competition caused stormy reactions - Free Press

“Shukan Bunshun” නම් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තා කර තිබුණේ ශීනෝ, විවාහක වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් ඇය ඒ සම්බන්ධයෙන් රූ රැජින තරගයේ සංවිධායකයින්ට බොරු කියා ඇති බවත් ය.

එහි දී ඇය පවසා තිබුණේ එම පුද්ගලයා විවාහකයෙක් බව නොදැන සිටි බවයි.

Ukrainian-born model sparks debate after winning Miss Japan beauty pageant : K24 TV

නමුත් ටැබ්ලොයිඩ් පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගම ඇය තමා අසත්‍ය පැවසූ බව පිළිගෙන සිය කිරුළ නැවත බාර දී ඇත.