උණුසුම් පුවත්
Search
nihari

”මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” යන්න ගිය නිහාරිගේ ඇඳුම ගෙනයන්න කටුනායකින් ඉඩ නොදෙයි

242

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්‘ තරගයට යාමට කටුනායක ගුවන්තොටුපළ හරහා ගමන් කරන්නට ගිය නිරූපිකා නිහාරි පෙරේරාට ඇය එරටට රැගෙන යන්නට උත්සාහ කළ ඇඳුම බර වැඩියයි දක්වමින් ගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

image 217

ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27කි. එම ඇඳුම මෙම තරගාවලියේ ඇය ඉදිරිපත් කිරීමට නියමිත සංස්කෘතික අංගය සඳහා නිර්මාණය කර ඇති එකකි.

image 215

ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දක්වා සිටි ඇය වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

”මේ මගේ නැෂනල් කොස්ටියුම් එක, මේක තමයි වැදගත්ම එක…. මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් සේරම බර තිබුණේ කිලෝ 40යි. නමුත් ගෙනියන්න දුන්නේ නැහැ, මට වැදගත්ම එක…..

image 216

මට ගෙනියන්න තිබ්බ අමතර බෑග්වලටත් රුපියල් 80,000ක් අමතරව ගෙවන්න වුණා…. අන්තිමට මම ආවේ මේ තරගයට ඉන්දුනීසියාවට, මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන්න අවස්ථාවකටවත් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා…. මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට යන අයට….’’

image 210

ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 10 වන වරට වන අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙයි.

තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් 25 වැනිදාය.

image 213

මෙවැනි රූ රැජිණ තරගවලදී රට නියෝජනය කරන ඇඳුමින් සැරසී කරන ඉදිරිපත් කිරීම එම තරගාවලියේදී ඉතා වැදගත් අංගයක් වේ.

image 214