ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ සිය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට කටයුතු කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්‍රීඩාවට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සීමා වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතරුව ඇමැතිවරයා මෙම තීරණයට එළඹ ඇත.
මුදල් සීමාවීම හේතුවෙන් ක්‍රීඩකයන්ට අගතියක් නොවන පරිදි සියලු පහසුකම් අඛණ්ඩව සැපයීම සඳහා ක්‍රීඩා අරමුදල ශක්තිමත් කළ යුතු බවත් ක්‍රීඩකයන්ගේ විදෙස්ගත වීම, අවශ්‍ය පෝෂදායී ආහාර ලබා ගැනීම, පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම වැනි කාර්යන් අතපසු නොකළ යුතු බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.