උණුසුම් පුවත්
Search
vuhan lockdown

කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙක් හමුවෙයි – වුහාන් යළිත් ලොක්ඩවුන්

207

මිලියනයකට ආසන්න ජනතාවක් ජිවත්වන චීනයේ වුහාන් නගරය කොවිඩ් රෝගීන් සිව් දෙනෙක් වාර්තා වීමත් සමග අගුලු දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර මොවුන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති බවයි පැවසෙන්නේ.

image 565

එමෙන්ම දින 03ක කාලයක් නිවෙස් නිරෝධායනය සඳහා මොවුන් යොමු කර ඇති අතර දිනපතා වුහාන් නගරයේ කොවිඩ් පරීක්ෂණ සිදු කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ආර්ථිකය කඩා වැටීමට නොදී තබා ගැනීමටත්, රැකියාව සහ නිවස අතර සම්බන්ධතා අවම කිරීමටත් අවශ්‍ය බැවින් සේවකයින්ට සේවා ස්ථාන වල තාවකාලිකව නවාතැන් ගන්නා ලෙස ද එරට රජය දැනුම් දී තිබෙනවා.

image 566



Leave a Reply

Your email address will not be published. Required fields are marked *