උණුසුම් පුවත්
Search
ROLLAR COST

මෙල්බර්න් රෝලර් කෝස්ටර් අනතුර නිසා 26 හැවිරිදි තරුණිය කොමා තත්වයේ

175

ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර Melbourne Royal Show සැනකෙළි භූමියේ රෝලර් කොස්ටරයක හැපී විසිව ගිය 26 හැවිරිදි තරුණියක බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙන බව එරට වාර්තා සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඇය රෝලර් කෝස්ටර් ධාවනයේ නිරත වූ තැනැත්තියක නොවන අතර ඇගේ විසිව ගිය ජංගම දුරකථනයක් අහුළාගන්නට ඇය රථ ධාවනය වෙමින් තිබූ රෝලර් කොස්ටර් පීලි අසළට ගොස් තිබේ.

අනපේක්ෂිත ලෙස මගීන් සහිත රෝලර් කෝස්ටර කරත්තයේ වේගයෙන් වැදුණ ඇය විසි වී ගිය අතර ඇගේ අත්, පාද, පිටුපසට සහ බෙල්ලට දරුණු තුවාල සිදුව ඇති අතර වහා රෝහලට ගෙන යන ලදි.

ඇය දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණ අතර කොමා තත්වයේ පසුවන බව වෛද්‍යවරුන් දන්වා ඇත.

ඉරිදා (25) සවස 5.45 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර අද සඳුදා (26) උදෑසනත් ඇගේ තත්වයේ වෙනසක් නැති බව රෝහල් ආරංචි මාර්ග හෙලි කරයි.

Shylah Rodden නමැති මෙම තරුණිය ඇගේ ජංගම දුරකථනය ලබා ගැනීම සඳහා රෝලර් කොස්ටර් ධාවන පථයට ඇවිද ගිය විට ඇය කරත්තයක ගැටී මීටර් 8ක් පමණ අහසට විසි වී ඇත.

image 329

අනතුරින් පසු සැණකෙලි භූමිය වසා දමා තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුව ඇත්තේ තරුණියගේ නොසැලකිල්ල නිසා බවට ඕස්ට්‍රෙලියානු සමාජ මාධ්‍ය තුළ චෝදනාත්මක පෝස්ටු හුවමාරු වෙයි.

මේ ගැන අනතුරට පත් තරුණියගේ සොයුරිය සිය කණස්සල්ල පළ කර තිබේ.

තරුණියගේ පියා වාර්තාකරුවන් වෙත පැවසුවේ, “පැහැදිලිවම මට මගේ දුව එක්ක කතා කරන්න බැහැ. ඇය සෑහෙන කාලයක් කෝමා තත්වයේ ඉන්නයි යන්නේ” යනුවෙනි.