උණුසුම් පුවත්
Search
Untitled design 16

” මමයි අයියගෙන් බදිමු ඈහුවෙ, i love you කියාගෙන නැහැ ” – දුලීකාගේ ආදර කතාව

105

පහුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ ගොඩක් කතා කරපු කෙනෙක් තමයි දුලීකා මාරපන කියන්නෙ. සමාජයේ මිනිස්සු පීඩාවට පත්වුණ තැන්වල ඇය අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කළා. රංගන ලෝකයේ අති දක්ෂ කලාකාරිනියක් වන ඇය මේ වන විට සම්මාන පිට සම්මාන ලබා තිබෙනවා.

එදා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ ඉදලම තමයි දුලීකා වේදිකා නාට්‍යයේ රංගනයට අවතීර්ණ වුණේ. හැබැයි අවාසනාවන්ත කරුණ නම් ඇයගේ මව නං නම් ඇය රඟපානවට පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. ඒ නිසා දුලීකාට රංගනයෙ නියතු වෙනකොට. නොයෙක් ආකාරයේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

අම්මා මම රඟපානවට පොඩ්ඩක්වත් කැමති නෑ. එයාට ඕන මාව ගායිකාවක් චිත්‍ර ශිල්පිනියක් කරන්න. මං විශ්ව විද්‍යාලයට එනකොට රඟපාන් නැහැ කියලා පොරොන්දු කරගෙන තමයි එව්වෙ. ඒත් මම රංගනය තෝරාගත්තා

එක පාරක් සම්මාන උළෙලකදී ඇය හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. රඟපාන්න බෑ කියලා ආපු නිසා අම්මා ඉදිරියේ මේ සම්මානය ගන්න සිද්ද වෙද්දි එයා කරපු බොරුවට කන හරහා පාරක් නම් කන්න වුණා. ඊට පස්සේ හිනා ගෙවිය සම්මාන ගත්ත දුලිකාට ආයිත් මාස තුනක් යනකම් විශ්වවිද්‍යාල පැත්තේ එන්න දීලා නම් නෑ.

ras 4 1

කොහොමහරි පසුකාලීනව සම්මානය නිසා ඇයට වෙළඳ වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා දීලා තියෙනවා. ඒකම තමයි ඈ කලා ලෝකය නිර්මාණවලට එකතු වුණේ. ඇය මේ වෙද්දි විවාහකයි . විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් ද වන සුජීව ප්‍රියලාල් සමග. ඔහුත් එක්ක තිබුණු ආදර සම්බන්ධතාවය හරි අමුතු විදියට පටන් ගත්තු සම්බන්ධතාවයක් කවදාක්වත් ආදරේ කියාගෙන නැහැලු. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

Duleeka Marapana

සුජීව අයියයි මායි මුලින්ම හම්බ උනේ සක්මන් චායා ටෙලි නාට්‍යය තුලින්. අපි ගොඩක් හිතවත් වුණා ගොඩක් කතා කරා. ඔය අතරෙදි මමයි අයියගෙන් මුලින් කසාද බඳිමු ද කියලා ඇහුවේ. එයා කැමතියි කියලා කියපු දවසේ තමයි අපි බැන්දේ.

අසාධාරණයට එරෙහිව නැගී සිටින අතිදක්ෂ රංගන ශිල්පිනියට සියලු කටයුතු සාර්ථක වේන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

Dulika marapana