උණුසුම් පුවත්
Search
palitha

කවදත් යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න මතුගම පාලිත හූඩ්

185

ලාංකේය දේශපාලනයේ නොමැකෙන නමක් තියෙන, දේශපාලකයන් අතරින් ලංකාවම හඳුනන දේශපාලනයට සම්බන්ධ චරිතයක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ…. කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ජනමාධ්‍ය තුලින් වගේම සමාජ මාධ්‍ය හරහාත් හැමෝම අතර කතාබහට ලක්වෙන පාලිත තෙවරප්පෙරුම ගැනයි මේ කතාබහ.

මතුගම ප්‍රාදේශීය සභාවෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කරපු පාලිත තෙවරප්පෙරුම පසුව එහි සභාපතිවරයා බවට නිතරඟයෙන් පත්වෙනවා, ඉන් නොනැවතුන පාලිත තෙවරප්පෙරුම පළාත් සභාවට තේරී පත්වෙනවා…. ඉන්පසු ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා, ඒ වගේම වන ජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු පාලිත තෙවරප්පෙරුම මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑ….

image 280

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සමග සිදුකරපු වැඩහටහනක දී ලංකාවේ දේශපාලනය ගැන පාලිත තෙවරප්පෙරුම කිවුවේ මේ වගේ කතාවක්,

image 281

”මේ රටේ දේශපාලනේ කියන්නේ මල්ලි ඉල්ලගේනමයි එන්නේ, ගෙදර ඉන්න ගෑනි විතරයි ඉල්ලන්නේ නැත්තේ, ඉතින් මේ රටේ දේශපාලනය කරද්දී හදවතක් තියෙන මනුස්සයෙක් විදියට ඒ මිනිස්සුන්ට උදවු කරාට පස්සේ නවතින්න වෙන්නේ පොඩි මඩුවක…. හැබැයි ගව මඩුවක ඉන්න එකෙක් දේශපාලනයට ගියාම ඒ මිනිහා හදනවා ලොකු මන්දිරයක්, මන්දිරයක ඉන්න කෙනා ඒකත් විකුනලා දේශපාලනේ කරලා අනාත වෙනවා, මිනිස්සුන්ට හරිම පුදුමයි මේවා දැක්කම, මම නම් කියන්නේ සැබෑ දේශපාලයෙක් නම් තමන්ගේ සේසතම ජනතාව වෙනුවෙන් පුජා කරන්න ඕන, මම වගේ….”

image 282

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පාලිත තෙවරප්පෙරුම මේ දවස්වල හැමෝම අතර ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා…. ඒකට හේතුව තමයි එතුමා විදේශීය පරණ යුධ බටයෙක් වගේ සැරසිලා ගත්ත පින්තූර කිහිපයක් සමාජ ජාලා හරහා සංසරණය වීම…. මේ පින්තූර පලකරලා තිබ්බෙත් එතුමාගේ සමාජ ජාලාගිණුමක් හරහායි…. කොහොම වුනත් මේ පින්තූර කිහිපයට ‘හරිම කෙනාට ගැලපෙනම ඇඳුම දවසක හරියටම හරියන්න ඕන ජීවිත’ , ‘කොරියන් යුධ භටයකු වගේ ‘, ‘දුප්පතාගේ හිතවතා, ඇදුම ලස්සනයි’ ,‘කැප්ටන් ජැක් ස්පැරෝ මතුගම වර්ශන්’ වැනි අපුරු ප්‍රතිචාර රැසක් ලැබිලා තියෙනවා දකින්න පුළුවන්.

image 278

බොහෝ ජනතාව අතර ප්‍රකට මොහු නිරතුරු මිනිසුන්ට උදව් උපකාර කරන, සමාජ සේවයට නිතැතින්ම හිතැති අයෙක්.

image 279