අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ආදරණීය තරු යුවළක් තමයි පුබුදු මාෂි කියන්නෙ. මේ දෙන්නගේ ආදරය මීට වසර කිහිපයකට කලින් විවාහයක් බවට පෙරලී දැන් සාර්ථක විවාහ ජිවිතයක් ගත කරනවා .
එයාලගේ ආදර කතාවෙ රසම අවස්ථා කිහිපයක් මෙලෙස රසිකයන් අතර බෙදා ගෙන තිබුණා. දවසක් මාෂි අම්මත් එක්ක ගමනක් යනකොට පුබුදු අයියාගෙ කාර් එක breakdown වෙලා නැවතිලා . ඊට පස්සෙ මාෂිගෙ අම්මා පුබුදුට උණ කරදරෙ මොකක්ද කියලා අහනවා . ඒ වෙනකොට එයා ජනප්‍රිය රංගන ශිල්පියෙක් බව ඔවුන් දන්නවා. ඔක්කොම හිටියෙ එකම ලෙන් එකේ . අන්න ඒ වෙලාවේ තමයි පුබුදු අම්මගේ දිහා හැරිලා මාෂි පෙන්නලා මෙ අම්මාගෙ දුවද කියලා අහන්නෙ..

ඊට පස්සේ පස්සේ කාලයක් ගත වෙද්දී තමයි මාෂි පුබුදු හොඳම යාලුවො වෙන්න පටන්ගත්තෙ. කතා කරාට පස්සේ පවුල් දෙකේම අය හොඳ යාළුවො වෙන්න පටන් ගත්තා. වෙනස් විදිහේ කෑමක් හැදුවද ඒකත් බෙදාගෙන අද පටන් ගත්තා.
මාෂිගෙ වචන වලින්ම කියනවා නම්. අපේ ගෙදර හැමෝම සුදු අයියට ආදරය උනා. අම්මා දකුනෙ අම්මා ඉතින් ගමෙ අයට තැනක් දෙනවා. තාත්ති කෝල් කරත් ඔන්න අපිට දැන් අලුත් පුතෙක් ඉන්නවා කියලා කියනවා.

ඒ විදිහට ලොකු බැදීමක් ඇති උනාට පස්සේ තමයි පුබුදු නිතර නිතර ගෙදර ආවෙ… පස්සේ කට්ටිය එකතුවෙලා බෝධි පූජා කරන්න සම්බන්ධ වෙනවා. අන්න එතකොට තමයි පුබුදු මාෂිට ආදරය කියන්නෙ..
මාෂි සිය ජිවිතෙ සුන්දරම වචන ටික අහපු දවස මෙහෙම තමයි සිහි කරෙ.. ” මම බෝධි පූජාව ඉවර වෙලා ආයෙමත් බෝධිය ගාවට ගිහින් වැද්දා මගෙ ළඟ කෙනෙක් ඉඳගෙන කියනවා ඇහුණා බුදුන් ඉස්සරහා මම කියන්නෙ.. මම ඔයාට ආදරෙයි කියලා.. මම බලනකොට පුබුදු අයියා ඉන්නවා මට හිතාගන්න බැරි වුණා මොකක්ද මෙ වෙන්නෙ කියලා.. මම ඒ සිදුවීම රහසක් විදිහට තියා ගත්තා. එදා නම් පසු නොබලාම අම්මා ඉන්න තැනට දිවුවා.
ඒ සිදුවීමෙන් පස්සේ උනත් අපි දෙන්නා හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කරලා තියෙනවා අවුරුද්දකින් පස්සේ තමයි අපේ ආදර කතාව පටන් ගන්නේ.
