උණුසුම් පුවත්
Search
udayanthi

”විවාහය හොඳයි, වෙන රසයක් තියෙනවා” – විවාහ නොවී ඉන්න හිතපු උදයන්ති දැන් කියන කතාව

458

උදයන්ති කුලතුංග කියන්නේ කාලයක් තිස්සෙ පුංචි තිරයෙත් රිදී තිරයෙත් ඔබට හුරුපුරුදු සමීප චරිතයක් වුණත්, මේ වෙද්දි නම් නිර්මාණ කටයුතු වල දකින්න ලැබෙන්නෙ නැති තරම් වන චරිතයක්. විවාහයත් සමඟ ඇය තවදුරටත් කලාවෙන් ඈත් වෙලා කියලයි ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් නම් කියන්නේ. කොහොම නමුත් මේ නිහඬ බව බිඳිමින් ඇය පසුගිය දවසක එක්තරා යූටියුබ් නාලිකාවක් සමඟ ඇගේ පෞද්ගලික ජීවිතේ අදහස් කිහිපයක් මේ විදිහට හුවමාරු කරගෙන තිබුණා

image 146

උදයන්ති ගොඩක් චාම් වෙලා..?

”දැන් පොඩ්ඩක් චාම් වෙන්න ඕනි නේද ? ජීවිතෙත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නෙ මගේ, ඒකයි…..”

image 147

ඇයි කොණ්ඩෙ කැපුවේ? වෙනස් කළේ..?

”මැරි කරලා ගෙදරට වෙලා හිටියා…. මේ ටිකේ ගෙදර ඉන්නෙ. නිර්මාණ වලින් ඈත්වෙලා ඉන්න නිසා කොණ්ඩෙ කපන්න ආසාවක් ආවා. මම අවුරුද්දක් විතර ඇට් කරන් නැතුව ඉදී. දැන් හැමෝම කියනවා හොඳයි වෙනස් කියලා….”

image 148
image 149
image 144

විවාහ ජීවිතය ගැන දැනෙන්නේ කොහොමද ?

”මම විවාහ වෙන් නෑ කියලා හිතන් හිටියේ. දැන් මට හිතෙනවා, විවාහය හොඳයි…. වෙන රසයක් තියෙනවා. විවාහ වෙන් නැතුව එහෙම ඉන් එපා. ඉක්මනට විවාහ වෙන්න. මම තීරණය කරන් හිටියේ විවාහ නොවෙන්න…. නමුත්… අපිට හරිම කෙනා හම්බුණාම ඒ ජීවිතෙත් සුන්දරයි….”

image 145