පසුගිය වසර වලට සාපේක්ෂව මෙම කාලයේ විවාහ ලියාපදිංචිය සියයට 85කින් පමණ අඩු වී තිබෙන බව දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ පවසයි.
පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු මෙලෙස විවාහ අඩුවීමට හේතු වී ඇති බව ඇය සඳහන් කරයි.
මෙම මාසය විවාහ නැකැත් බහුලව යෙදෙන මාසයක් වන අතර, වෙනත් වර්ෂ වල මෙම මාසයේ දී විවාහ සඳහා උත්සව ශාලා වෙන් කර ගැනීම පවා අර්බුදකාරි තත්ත්වයක පැවතුණත් මේ වනවිට විවාහ උත්සව පැවැත්වීම ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩු වී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වාර්තා වන පරිදි ඇතැම් විවාහ උත්සව සඳහා වෙන් කරන ලද උත්සව ශාලා පහසුකම් අවලංගු කරන පිරිස් වැඩි වී ඇති බව ද සඳහන්.
කෙසේ නමුත් මෙරට පවතින අර්බුද රැසක් හමුවේ තරුණ පිරිස් මේ හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයටත්, මානසික පීඩාවටත් ලක්ව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.