නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. හිරු නාලිකාවේ අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳ රංගනයට පිවිසුන ගීත්මා ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුනේ ‘සංගීතේ’ ටෙලිනාට්‍ය හරහා කිව්වොත් හරි. මේ කතාබහ උපුටා ගන්නේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙලා ඉන්න ගීත්මා බණ්ඩාර සමග කළ සාකච්ඡාවකින්.
ගීත්මා මොකද වෙන්නේ මේ දවස්වල ?
”මේ දවස් වල නම් ටිකක් කාර්ය බහුලයි…. මොකද මේ දවස් වල සංගීතේ සහ ඇස් කියන නාට්‍ය දෙකේම රූගත කිරීම් සිදුවෙනවා, ඒ වගේම මම සම්බන්ධ වෙලා ඉන්න අලුත් නිර්මානයකත් රූගත කිරීම් ආරම්භ වෙලා තියෙනවා, ඒ නිසා ගොඩක් කාර්යබහුල කාලයක් තමයි මම මේ ගත කරන්නේ, කාර්යබහුල වුනාට හරිම සතුටින් තමයි මම ඒ වැඩ වලට සම්බන්ධ වෙන්නේ”

ජනප්‍රිය වුනාට ගීත්මා දකින්න ලැබෙන්නේ නිර්මාණ පොඩි ප්‍රමාණයකින් විතරයි නේ..?
”මෙහෙමනේ අපි නිර්මාණයක් බාරගත්තට පස්සේ ඒ කාල සීමාවම කැප කරන්න වෙන්නේ බාරගත්ත චරිතයට උපරිම සාදාරණයක් ඉටු කරන්න, රංගන ශිල්පිනියක් විදියට චරිතයක් කරන්න අපි විශාල කැප කිරීමක් කරන්න ඕන… උදාහරණයක් කියනව නම් පාසල් යන කෙනෙක්ගේ චරිතයක් කරද්දී ඇහිබැම හදන්න බෑ, ටැටූ කරලා තියෙන්න බෑ, කොන්දේ කලර් කරලා තියෙන්න බෑ, මොකද අපි කරන චරිතය අපේ සැබෑ ජීවිතයටත් බලපානවා, කරන චරිතය හරියට කරන්නයි මට ඕන, අද එකක හෙට එකක ඉන්න මට ඕන නෑ, ඒ නිසා කරන වැඩේ හරියට කරගෙන ඉන්නවා…”

නිලියක් වීම ගැන සහ අද ඉන්න තැන ගැන ගීත්මා ඔයා තෘප්තිමත්ද..?
”ඇත්තටම ඔව්, අද මම ඉන්න තැන ගැන මම ගොඩක් තෘප්තිමත්, මම මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණ වලින් වැදගත්ම තීරණයක් තමයි කලාවට සම්බන්ද වීම, මගේ ජීවිතේ හොන්දම දේවල් ලැබෙන්න පටන් ගත්තේ මම නිලියක් වුනාට පස්සේ, ඉතින් අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා,”

පෙම්වතා ගැන කියන්නකෝ විස්තර ටිකක් ?
”මගේ පෙම්වතා ව්‍යාපාරිකයෙක්, එයාට සමාගම් කිහිපයක්ම තියෙනවා…. එත් මම වගේම තමයි තරුණ කාලෙම ජීවිතේ දිනපු කෙනෙක්, ඇත්තම කියනව නම් මගේ රංගන ජීවිතයට එයාගෙන් පුදුම සහයක් ලැබෙන්නේ, අපි දෙන්නා මුලින්ම මුණගැහෙද්දී මම රංගන ශිල්පිනියක් කියලා එයා දන්නේ නෑ, හැබැයි ඒ ගැන එයා දැනගත්තට පස්සේ අපේ ක්‍ෂේත්‍රය ගැන එයාට ලොකු අවබෝදයක් තිබ්බේ නෑ…

ඉතින් අපේ ආදරේ පටන් ගත්තට පස්සේ පොඩි පොඩි ගටලු ටිකක් ඇතිවුනා, ලඟම ඉන්න අයට ඕන වුනේ අපිව ඈත් කරන්න, ඒ අය එක එක ප්‍රශ්න නිර්මාණය කළා, හැබැයි අපේ ආදරේ ඊටවඩා ශක්තිමත් වුනා, දැන් එයා මාව ගොඩක් හොඳින් තේරුම් අරගෙන ඉන්නේ”

ගීත්මා දැම්ම බඳින්නේ නැද්ද..?
”ඒ ගැන නම් අපි දෙන්නම තවම හරියට තීරණය කරලා නෑ, මට දැන් අවුරුදු 24යි… එයාට අවුරුදු 27යි, ඉතින් අපිට තාම වයස තියෙනවා, ඒ වගේම එයාගේ ව්‍යාපාර වැඩ වගේම මට මගේ රංගනයේ වැඩත් තව ගොඩක් තියෙනවා. ඒ නිසා අපි හදිස්සි වෙන්නේ නෑ, හැබැයි හරි වෙලාව ආවා කියලා දැනුනම අපි විවාහ වෙනවා…”

