රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක රාජකාරි කරන සුළු සේවකයන් අතුරින් බහුතරයක් අයිස් ඇතුළු නොයෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහි වී සිටින බව එම රෝහල් කර ඇති සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, කළුතර දිස්ත්‍රික්ක වල ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක මෙම තත්ත්වය බරපතළ අන්දමින් සිදු වන බව මේ වනවිට හෙළි වී තිබේ.
මෙසේ මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහි වී සිටින සුළු සේවකයන් රෝහල් පරිපාලනයට පවා අවනත නොවී කටයුතු කරන බව ද වාර්තා වෙයි.
මෙම සුළු සේවකයන් රාජකාරි කාල සීමාවේ පවා අයිස් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටින බව ද මේ වනවිට කර ඇති විමර්ශන වලින් හෙළි වී තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සහ අලෙවි කරන මෙම සුළු සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර එසේ නීතිමය පියවර ගන්නා බලධාරීන්ට එරෙහිව මරණීය තර්ජන පවා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර මොවුන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහ සේවකයන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන රන් ආබරණ ඇතුළු වටිනා දේපළ සොරා ගැනීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව රෝහල් බලධාරීහු පවසති.
මේ අතර මෙම රෝහල්වල රාජකාරි කරන නීතිගකරු සේවකයන් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
හේමන්ත රන්දුණු
Source – Divaina