උණුසුම් පුවත්
Search
flood

වැස්සෙන් පහත් බිම් රැසක් යටවෙයි (ඡායාරූප සහිතයි)

420

දිවයිනේ පළාත් රැසකට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයෙ රාත්‍රියේ සහ අද දින උදෑසන සිටම ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම කරා ළඟා වෙමින් පවතින බව වාර්තා වෙයි.

මේ වන විට රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 04.98ක් වේ.

May be an image of tree, nature and body of water

මේ වන විටත් සිරිපා අඩවිය, පලාබද්දල, රත්ගඟ, මාපලාන, එරත්න, ඉඳුරුව යන ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතී.

මේ තත්ත්වය තුළ කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම් තව තවත් ඉහළ යාමේ හැකියාවක් පවතී.

කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වර්ෂාව හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු 02ක් අද උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

May be an image of nature, body of water and tree

ගාල්ල දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ රැසකට ඇද හැළෙන තද වර්ෂාව නිසා තවලම සහ නෙළුව ප්‍රදේශයට ගංවතුර අවදානමක් හටගෙන ඇත.

එම නිසා යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් රැසක් මේ වන විටත් යොදවා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

May be an image of nature, body of water and palm trees
May be an image of body of water
May be an image of body of water and tree
May be an image of nature, body of water and tree



Leave a Reply

Your email address will not be published. Required fields are marked *