උණුසුම් පුවත්
Search
maneesha and kalindu

මනීෂා – කලිදු ආදර කතාව දෙදරා ගිහින් ?

4517

මේ වෙනකොට ලංකාවේ කොයි කාගෙත් ආදරය හිමිකරගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි මනීෂා චන්චලා කියන්නේ.

සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය මෙරට බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්වෙන්නේ ”තෙරුනි” කියන නමෙනුයි. ඊට හේතුව වෙන්නේ ඇය සිය රංගන දායකත්වය ලබාදුන් සිදූ ටෙලි නිර්මාණයේ තෙරුනි කියන චරිතය යි.

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන කතා කරනවා නම් ඇය මේ වෙද්දී පෙම්වතියක් කියලා නොදන්නා කෙනෙක් නැති තරම්.

image 625

ඇත්තෙන්ම ඇගේ ආදර කතාව ගැන මේවෙනකොට මෙරට හැමෝම දන්නවා. ඇගේ ආදරණීය පෙම්වතා වෙන්නේ දෙරණ ආයතනයේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන කළිඳු කරුණාරත්නයි. මේ දෙන්නා ළඟදීම විවහා වෙන්නත් සුදානමින් ඉන්නවා කියල තමයි පසුගිය කාලයේ දැනගන්නට ලැබුණේ.

image 628

ඒ කොහොම වෙතත් ලඟදි ඉඳලා මේ දෙන්නා ගැන සමාජ මාධ්‍ය තුල අමුතුම ආකාරයේ පුවතක් පලවෙන්න පටන් අරගෙන තිබෙනවා.

මේ විදිහට හුවමාරු වෙන මේ කතාවන් දැකපු බොහෝ දෙනෙකු කියන්න ගත්තේ කළිඳු සහ මනිෂා ආදරයෙන් වෙන්වෙලා ඉන්නවා කියලයි.

ඉතින් මෙහෙම කියන්න හේතු වෙලා තිබෙන්නේ කළිඳු සිය මුහුණු පොතට එක් කළ සටහනක්. ඔහු සිය මුහුණු පොතට එක් කළ ඒ සටහනේ තිබුණේ මෙලෙසයි……

image 631

“ආදරය කියන අකුරු හතර හැඟීමක් වූ තැන හමුවෙන සදාතනික නවාතැන් යැයි සිතූ සමහර හදවත් කුලී වාසස්ථාන කියලා කාලය පසක් කරනවා.

ආදරය ඉදිරියේ අවංකව තදින් බැඳෙන හැම කෙනෙක්ටම කිසිවිට හැර නොයන සදාතනික සෙවණක් මුණගැසේවා.” කියලා ඔහු ෆේස්බුක් ඔස්සේ සටහනක් පලකරලා තිබුනා.

ඉතින් මේ දෙන්නටම ආදරේ කරන අය දැනටත් හිතන්නේ මනිෂා සහ කළිඳු වෙන්වෙලා කියලා. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් එහෙම දෙයක් ගැන කෙලින්ම කියලා නැහැ.

4 7

ඒ කොහොම වෙතත් මේ දෙන්නා දික්කසාද වෙලා කියල මීට කලිනුත් ගොසිප් එකක් හුවමාරු වෙන්න පටන් අරගෙන තිබුණා. ඊට පිළිතුරු ලබා දෙමින් මනීෂා කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” දික්කසාද වෙන්න අපි දෙන්නා තාම විවහා වෙලත් නැහැ…. මිනිස්සු ගැන මෙහෙම බොරු කතා හදන එක ගැන කනගාටු වෙනවා…. මම කලින් විවහා වෙලා ඉඳලා දික්කසාද වුනා කියලත් ගොසිප් හදලා තිබුනා…. මන් සාමාන්‍යයෙන් ඕවා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි කෙනෙක් ගැන දෙයක් කියනවා නම් වගකීමෙන් හොයලා බලලා කියන්න…. අපිට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ටත් වැරදි ප්‍රවෘත්ති යනවා.

image 626

අපි දෙන්න ඉතින් වැඩිය ෆොටෝස් දන්නේ නැහැ, කොහෙහරි ගියොත් තමයි සෙල්ෆි එහෙම ගහන්නේ… දෙන්නගෙම කර්යබහුලත්වයත් එක්ක වැඩිය පෙන්න නැති වුනාම කතා හදන එක වැරදි දෙයක්…”

image 627

ඉතින් එලෙස අදහස් දක්වපු ඇය මෙවර කළිඳු පළ කරපු මේ සටහන ගැන නම් කිසිම අදහසක් පළ කර තිබුණේ නෑ.

කෙසේ නමුත් මනීෂා, කළිඳු සමඟ සම්බන්ධය පටන් ගැනීමට පෙර මෙරට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමඟ පෙම් සබඳතාවයක් පවත්වනු ලැබුවා.

ඒ කාලයේ දීත් ඇය ඡායාරූප පළ කර තිබූ අතර ඒ නිසා බොහෝ දෙනා ඒ ගැන කතාබහට ලක්කරන්න වුණා.

image 632
image 629
image 630
image 619
image 620
image 621
image 622
image 623
image 624



Leave a Reply

Your email address will not be published.