උණුසුම් පුවත්
Search
guptha india

නැන්දම්මාගේ පීඩන හමුවේ සිය දියණිය නැවත මංගල පෙරහැරකින්ම මහගෙදරට කැඳවාගෙන ආ පියා

18011

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ සිදු වූ සිදුවීමක් වූ මෙය පියෙකු තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේ දී විඳි පීඩාවන් හමුවේ නැවත ගෙන්වා ගැනීම සඳහා මංගල පෙරහැරක් රැගෙන එම ගෙදර වෙත ගොස් තිබෙනවා.

දැරියගේ පියා වන ප්‍රේම් ගුප්තා පවසන්නේ, තම විවාහක දියණිය වන සාක්ෂි ගුප්තා නැන්දම්මා විසින් නිරන්තරයෙන් සූරා කෑමට සහ හිරිහැරයට ලක්වූ බවයි.

ඔහු වීඩියෝවකින් කියා සිටියේ මෙවැන්නකි,

“මිනිසුන් තම දියණියන් විවාහ කර දෙන්නේ උත්කර්ෂවත් ලෙසයි, නමුත් එම සැමියා සහ ඔහුගේ පවුලේ අය වැරදි දේ කළහොත් බලා නොයිද ගෞරවාන්විතව ඔයාගෙ දුවව ආපහු ගෙදරට ගෙන්වා ගන්න…. මොකද දුවලා කියන්නේ හුගක් වටින අය ” යනුවෙනුයි.

Viral: Man brings tortured daughter from her in-law's with fireworks

2022 අප්‍රේල් 28 වැනි දින තම දියණිය වන සාක්ෂි, සචින් කුමාර් නම් පුද්ගලයකු සමඟ විවාහ වූ බව ප්‍රේම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

රංචි හි සර්වේශ්වරී නගර් හි පදිංචි සචින්, ජාර්කන්ඩ් විදුලිබල බෙදාහැරීමේ සංස්ථාවේ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනු ලබන්නෙක් බවයි වාර්තා වන්නේ.

දින කිහිපයකට පසු තම දියණියගේ නැන්දම්මා ඇයට හිරිහැර කිරීමට පටන් ගත් බව ප්‍රේම් චෝදනා කර සිටිනවා. සචින් කුමාර් (සාක්ෂිගේ සැමියා) ඇයට හිරිහැර කර නිවසින් එළවා දමා ඇති අතර වසරකට පසු, ඇය විවාහ වී සිටින පුද්ගලයා දැනටමත් දෙවරක් විවාහ වී ඇති බව දැන ගැනීමෙන් ඇය කම්පනයට පත්ව ඇතැයි ද සඳහන්.

කෙසේ වෙතත්, ඇය මෙම සම්බන්ධතාවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඇගේ පියා සහ පවුලේ සාමාජිකයන් සාක්ෂිගේ තීරණය පිළිගෙන, ඇගේ නැන්දම්මාගේ නිවසේ සිට පෙරහැරකින් ඇයව ඇගේ මහගෙදරට කැඳවාගෙන එන විත් ඇත.

ප්‍රේම් ගුප්තා පැවසුවේ තමන් මෙම පියවර ගත්තේ සතුටට බවත් තම දියණිය සූරා කෑමෙන් නිදහස් වූ බවත්ය.

සාක්ෂි දික්කසාදය සඳහා උසාවියේ නඩුවක් පවරා ඇති අතර සචින් කියා ඇත්තේ තමන් සක්ෂිගේ නඩත්තුව ගෙවන බවයි.