උණුසුම් පුවත්
Search
kanchana

”රාජ්‍ය සේවකයින් බහුතරයක් අකාර්යක්ෂමයි” – කාංචන විජේසේකර

71

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතන වල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බළකාය අඩක් දක්වා අඩු කළ හැකි බව සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බව අමාත්‍යවරයාගේ මතයයි.

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

රාජ්‍ය ආයතන වල කාර්යය සාධනය පදනම් කරගත් වැටුප් ක්‍රමයක් අනිවාර්යය බව ද අමාත්‍යවරයාගේ මතයයි.

image 516



Leave a Reply

Your email address will not be published.