උණුසුම් පුවත්
Search
ranil and maithri home

මෛත්‍රී හිටපු ගෙදර අලුත් ජනපති රනිල්ට

101

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනිගෙන විනාශ ඇති බැවින් ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටියි.

ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීම සහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචිවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැත.

එම නිසා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.

උදයජීව ඒකනායක




Leave a Reply

Your email address will not be published.