උණුසුම් පුවත්
Search
mahinda and shiranthi

දයාබර ශිරන්තිට, මහින්දගෙන් සංවත්සරික සුබ පැතුම්

216

රටේම ආදරය දිනාගත් දේශපාලකයෙක් තමයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියන්නේ. ඔහු හදවත් සොරාගත් නායකයෙක් විදියට තවමත් ජනාදරය හිමිකරගෙන සිටින චරිතයක් කිව්වොත් වරදක් නෑ.

නමුත් මේ වන විට වියපත් වියේ පසුවන ඔහු සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ සමඟ සිය 41 වන විවාහ දින සංවත්සරය සමරා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තබන්නට ද ඔහු අමතක කර නෑ.

එහි ඔහු සඳහන් කර සිටින්නේ මෙවැන්නක්,

”අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ විවාහ සංවත්සරයක් වේවා!”

May be an image of 2 people, wedding cake, flower, wedding and text that says 'Jiscover the Rotnance'

බොහෝ දෙනෙක් ඔවුන්ගේ මෙම සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබෙනු දක්නට ලැබෙනවා.