උණුසුම් පුවත්
Search
anusha

මහින්දත් ආපු බොඩි බිල්ඩර් අමිල සමඟ යුග දිවියට පිවිසි අනුෂාගේ මංගල උත්සවේ (ඡායාරූප සහිතයි)

402

බොහෝ දෙනාගේ අවදානය දිනාගත් රංගන ශිල්පිණී අනුෂා දමයන්ති පසුගිය (27) වනදා විවාහ දිවියට ඇතුළත් වුණා.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී ඇගේ මංගල උත්සවය පැවැත්වූ අතර ඇය හැඩගන්වනු ලැබුවේ මෙරට ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහයි.

image 374

අනුෂාගේ අතගත් මනාලයා අමිල යි.

ඔහු වෘත්තියෙන් කායවර්ධන ශිල්පියෙකි.

image 372

එමෙන්ම ඊට අමතරව ඔහුට ව්‍යාපාර කිහිපයක් ඇති බව අනුෂා මින් ඉහත විස්තර කර තිබුණි.

‘‘එයා එදා ඉඳලා හොද ක්‍රීඩකයෙක්…. කායවර්ධනය සම්බන්ධයෙන් ඔහු ලෝකයත් සමග ගනුදෙනු කරන චරිතයක්. ඇත්තටම ලෝක කායවර්ධන තරග වලට සහභාගි වෙන ක්‍රීඩකයන් පුහුණු කරන විනිසුරුවරයෙක්” ලෙස තමයි අනුෂා, ඇයගේ සැමියාව අඳුන්වා දී ඇත්තේ.

image 373

අනුෂාගේ විවාහය මීට අවස්ථා කිහිපයක දීම කල් ගිය අතර විවිධ හේතු මත විවාහය පමා කළ බවත් ඇය පවසා තිබේ.

image 370

නමුත් මෙවර හොඳ නැකතක් ලද නිසා විවාහ වූ බවත් පවසන ඇය මෙම උත්සවයට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ඇරයුම් කර තිබුණි.

image 371

එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේත් නිරත්නට අවදානයට ලක්වෙන අනුෂාගේ විවාහ මංගල්‍යයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටිනු දැකගත හැකි විය.

image 369
f1d50b8e af5b 483b 8d75 a2784a89865a