උණුසුම් පුවත්
Search
doni

මහේන්ද්‍ර සිං දෝනි නමින් කරළියට එන ඩ්‍රෝන යානය

213

මහේන්ද්‍ර සිං දෝනි ගැන අපි දන්නේ ඉන්දීය ක්‍රිකට් තරුවක් විදිහටයි. ඒ වගේම ඔහුගේ “හෙලිකොප්ටර් ෂොට්” පිති හරඹය නිසත් බොහෝ ප්‍රකටයි.

නමුත් අනාගතයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ සන්නාම තානාපතිත්වයෙන් “Kisan Drone” යනුවෙන් ඩ්‍රෝන යානයක් 2022 වසර අවසානය වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට දැන් කටයුතු සූදානම්.

මෙම ඩ්‍රෝනි ඩ්‍රෝන යාත්‍රාව Garuda Aerospace ආයතනය විසින් නිෂ්පාදනය කරන අතර එය කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙම “Kisan Drone” යාත්‍රාවෙන් එක් දිනකදී අක්කර 30ක භූමි ප්‍රමාණයක් වෙනුවෙන් පළිබෝධනාශක ඉසීම සිදු කිරීමට හැකියාව තිබෙනවා. එපමණක් නොව සූර්ය පැනල පිරිසිදු කිරීම, කාර්මික නළ මාර්ග පිරිසිදු කිරීම, සිතියම්ගත කිරීම, මහජන නිවේදනය සහ බෙදාහැරීම වැනි බහුවිධ කාර්යන් වෙනුවෙන් මෙම ඩ්‍රෝනි යාත්‍රාව යොදාගත හැකි බව Garuda Aerospace සමාගමේ විධායක අධ්‍යක්ෂ අග්නිෂ්වාර් ජයප්‍රකාශ් (Agnishwar Jayaprakash,) සඳහන් කරනවා.

image 420

විවිධ නිරීක්ෂණ, අරමුණු සඳහා භාවිතා කළ හැකි මෙම ඩ්‍රෝන යානය තාක්ෂණයෙන් වගේම උසස් තත්ත්වයකින් යුක්තයි. ඒ නිසා බහුවිධ කාර්යන් වෙනුවෙන් කාර්යක්ෂමතාවයෙන් පමණක් නොව ආත්ම විශ්වාසයකින් යුක්තව යොදා ගැනීමටත් හැකියාව තිබෙනවා.

දේශීය නිෂ්පාදනයක් වන ඩ්‍රෝනි යානය නිසා අනාගතයේදී Made in India යන අනන්‍යතාවය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමටත් අවස්ථාව ලැබෙන බැව් අග්නිෂ්වාර් සඳහන් කරනවා.

මෙම අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කළ මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කළේ ”කොවිඩ් 19 වසංගත කාලයේදී රට වසා තිබුණ විට මට ලැබුන විවේකයෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා….. කෘෂිකර්මය ගැන මගේ හිත යොමු වුණා. ඒ වෙනුවෙන් ඩ්‍රෝන යානාවන් යොදා ගැනීමට ඇති හැකියාව ගැන මගේ අවධානයත් යොමු වුණා. කෙසේ හෝ වේවා මගේ නමින් අනාගතයේදී සමාජගත වෙන “ඩ්‍රෝන” යානාව මගේ සිහිනයේ සැබෑවක් කිව්වොත් නිවරැදියි…..”

Quaro ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා