උණුසුම් පුවත්
Search
madhumadawa

බීමත්ව රිය පැදවූ මධු මාධව අත්අඩංගුවට

529

අධික ලෙස බීමත්ව මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ නීති විරෝධි ලෙස රිය ධාවනය කළ ගායක ශිල්පි පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද අද (16) කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තා වන පරිදි සුඛෝපභෝගී රථයකින් පැමිණි තට්ට හිසක් සහිත බීමත් පුද්ගලයෙක් අධිවේගී මාර්ගයේ කවඩවත පිටවීමේ දී මාර්ග බාධක කඩාගෙන වේගයනේ ඉදිරියට ධාවනය කර ඇත.

සිද්ධිය සිදුවන්නේ අද දහවල් 12.10ට පමණය.

වහාම ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග පොලිසිය මෙම රථය නවත්වාගෙන බැලූ විට පෙනි ගොස් ඇත්තේ කෙළින් කටින් ඉන්නට බැරි තරමට බීමත් වී රියදුරු අසුනේ සිටිනා මධුමාධව අරවින්ද බවය.

පසුව ඔහුව අත්අඩංගුවට ගෙන කඩවත පොලිසියට රැගෙන ගොස් ඇත.