උණුසුම් පුවත්
Search
kasun madhavee

”මාධවීගෙයි මගෙයි ආදරේ අත්පොත තමයි බයිබලයේ එන කොරින්ති 13” – කසුන් මහේන්ද්‍ර

8043

මාධවී – කසුන් කියන්නේ පසුගිය කාල සීමාවේ දී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්චි ආදරණීය යුවළක්…. මේ යුවළ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවයත් නිසයි. ඉතින් කවුරුත් දන්නා විදියට තෙවන වතාවටත් මාධවී විවාහ වුණා…. ඇයගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්වල දී විවාහය කියන දේට සමුදෙන්න විවිධ හේතු නිසා ඇයට සිද්ධ වුණා.

May be an image of 1 person, beard, smiling, wedding and text that says 'DARK DARKROOM ROOM PHOTOGRAPHI BA PHOT OGRAPHY 0'

හැබැයි ඊට පස්සේ ඇයට ඇයව තේරුම් ගත්ත ආදරණීය හදවතක් හම්බ වුණා. ඔහු තමයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් සහ නීතිඥයෙක් ද වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. ඉතින් කසුන් කියන්නේ බොහොම සරල පවුලක හැදුනු පුද්ගලයෙක්…

May be an image of 1 person, beard and suit

ඒ වගේම තමයි ඕනෑම බැඳීමක රණ්ඩු සරුවල් හිත් අමනාපවීම් කියන දේවල් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් කසුන් – මාධවී කියන්නෙත් ඒ විදිහට ජීවිතය ගත කරන දෙන්නෙක්….. වැඩිපුරම කේන්ති යන්නේ කාටද? කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඉතින් කසුන් කියලා තිබ්බෙ මෙන්න මේ වගේ කතාවක්.

May be an image of 2 people, henna, wedding and text that says 'DARKROOM DARK ROOM HY'

“ඉස්සර මං. දැන් එයා….. හැබැයි අපේ පොඩි පොඩි රණ්ඩු සුළු මොහොතයි. අමතකයි. අපි දෙන්නගෙම ආදරේ අත්පොත බයිබලයේ එන කොරින්ති 13.

ඒ තමයි ‘ප්‍රේම පාරමිතාව.’ ඒක පටන් ගන්නෙම ‘ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, වෛර නොගනී…’ කියලා…… අපි ඒ ආදර ධර්මතාව විශ්වාස කරනවා.”

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people, beard, people smiling and text that says 'WOW copO'

May be an image of 2 people, boat and lake