අපේ රටේ ක්ෂේත්‍රය තුල දක්ෂ ජනප්‍රිය ගීත රචකයෙක්, ටෙලිනාට්‍ය රචකයෙක් මෙන්ම, චිත්‍රපට රචකයෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයෙක් තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියලා කියන්නේ. කොහොම නමුත් ඔහු ගැන මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන මාධවී ඇන්තනී සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන නිසයි. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් මේ දවස් වල ගොඩක් ආදරෙන් ජීවිතය ගලාගෙන යනවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඉදිරියේදී ඔහුගේ මියුසික් වීඩියෝ කිහිපයක් එන්න තියෙනවා වගේම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුත් ටෙලි නිර්මාණයක් මේ වසරේ එළි දකිනවා කියලත් ඔහු කියනවා. මීට අමතරව ඔහු අධ්‍යක්ෂණය කරන දිගු සිනමාපටයක පූර්ව නිෂ්පාදන කටයුතු මේ දිනවල කරගෙන යනවාලු. ඒත් එක්කම කොලිවුඩ් හා හෙළවුඩ් සිනමා නිර්මාණයක් වූ Second Show චිත්‍රපටිය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඉතින් ඉන්දියානු නිෂ්පාදකවරු ලාංකීය ගීත රචකයා ලෙස එහිදී ඔහුව තෝරාගත්තා. ඒ නිසාම එම චිත්‍රපටයේ ගීත තුනම රචනා කළේ කසුන්. ඉතින් ඒ ගීත කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා ගායනා කළා. ඒවගේම ඔහුගේ දැන් එකම බලාපොරොත්තුව දිගු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීම කියලයි ඔහු කියන්නේ. ඉතින් එය මේ වසරේ සාක්ෂාත් කර කරගැනීමට පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කරනවාලු.
ඒ වගේම මාධවීව ඔහුට මුණ ගැසෙන්නේ සංසාරයේදී කියන ගිතයේදී. ඉතින් ඇත්තටම ඇය සංසාරයක් පුරාවට ඔහුව පතාගෙන ආ කෙනෙක් කියලයි කසුන් නම් කියන්නේ. ඒත් එක්කම ඒ ගීතය තුළ ඔහුට මුණගැසෙන්නේ මාධවී කියන නිළියව හා ගායන ශිල්පිනියව වුනත් මාධවී කියන ගැහැනියව ඔහුට මුණ ගැසෙන්නේ බොහෝ කාලයකට පෙර කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු කරන සියලු නිර්මාණ ඔහුගේ දරුවො වගේලු ඔහුට හැගෙන්නේ. ඉතින් ‘අපි තමයි අපිව දන්නේ’ කියන ගීතය ඔහුයි මාධවීයි බිහි කළ පළමු දරුවා කියලත් කසුන් කියනවා.
ඒ වගේම මාධවී කියන්නේ හොඳ මවුවත් පෙම්වතියක් කියලයි කසුන් කියන්නේ. ඒ නිසාම ඇය ඔහුට හරියට අම්මා කෙනෙක් වගේලු. ඉතින් ඇය හරිම කරුණාවන්තයි වගේම හරිම සංවේදීයි කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඇයගේ හැඟීම් හා වචන තුළ බොරුව අන්තර්ගත නැහැ වගේම ඔහු බොරුවට අකමැති කෙනෙක් කියලයි කසුන් නම් කියන්නේ. ඒ වගේම මාධවී හදන කෑමවලින් ඔහු කන්න ආසම කිරිබත්ලු. ඉතින් ඔවුන්ගේ සම්බන්ධය ගොඩ නැඟීම තුළත් කිරිබත් හා බැඳුණු කතාවක් තිබෙනවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ඉක්මනට වගේම රසට කෑම හදන්න ඇය ගොඩක් දක්ෂයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.