මෑතක දී තෙවන වරටත් යුග දිවියට පිවිසි ජැක්සන් ඇන්තනිගේ දියණිය, මාධවී වත්සලා කියන්නේ කාලයෙන් කාලයට විවිධ පුවත් මවන්නියක් කිව්වොත් නිවැරදියි.
ඉතින් අද (06) දිනයේ සිය උපන්දිනය සමරන ඇය ඒ සමඟ තවත් සුබ ආරංචියක් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙන්නේ රසිකයින් පුදුම කරවමින්.
ඒ අනුව තමන් ගැබ්ගෙන ඇති බව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ රසිකයින්ට දැනුම් දී ඇත්තේ සාක්ෂි වශයෙන් කළලයේ ස්කෑන් ඡායාරූප ද පෙන්වමිනුයි. ඇය සහ සැමියා කසුන් ඒ බව දැන්වීමට ෆොටෝ ෂූට් එකකටද පෙනී සිට ඇත. ඇය ඒ ගැන දක්වා ඇති කවි සටහන පහතින්…..
උපන්දින ආරංචිය ---------------------------------- බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර මල්වර නැකතින් අවසර ලත් දා සිට දහසක් බාදා ආවත් නොගෙන කමකට, පෙරුම්පුරාගෙන රැකගත්ත... පිළිගත්ත... කල් රැක්ක... සුදුම හීනෙට අනේ පණ ඇවිත්... මයෙ කුස පිණෙන් පිරුණා!
පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,
දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,
ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,
හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!
කසුන් කුමරු වරමින්
“අප්පච්චි දෙවි” පිහිටෙන්
හෙට මව් රැජිනක් වී
ආදරේ පණ ගැහෙන සාක්කියට
ආඩම්බරෙන් දිවි දෙන්න…
සියළු දෙවියෝ රැකගනීවා!
සුවය සවි බල දිරි ගෙනේවා!
හිත් නිවී සතුටින් පිරේවා!
ආවඩා ආයුබෝ වේවා!!!