උණුසුම් පුවත්
Search
madhavee

තෙවන වරටත් යුග දිවියට පිවිසි මාධවී ඇන්තනී (ඡායාරූප සහිතයි)

480

රටම ආදරය කරපු කලාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඉතින් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මේ පවුලේ දරුවන් තිදෙනෙකු වන අතර ජැක්සන්ගේ එකම දියණිය මාධවී කියන්නෙත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ චරිතයක්. ගායනයට වගේම හොඳ කථිකත්වයක් තියෙන ඇය ගැනත් මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්.

මාධවීගේ පෞද්ගලික ජීවිතය ගැන නම් කාලයෙන් කාලයට අහන්න ලැබෙන්නේ වෙනස්ම කතා. ඒකට හේතුව ඇය කතාබහට ලක්වෙන චරිතයක් නිසාම වෙන්න පුළුවන්. ඉතින් හා හා පුරා කියලා ඔන්න මාධවී අද දවසේ විවාහ දිවියට ඇතුළත් වෙනවා. හැබැයි ඒ පළමු වතාවට නම් නෙවෙයි. මේ තමයි මාධවීගේ තෙවන විවාහය. ඉතින් මේ ගැන ප්‍රේක්ෂකයින් විවිධ අදහස් දක්වලා තිබුණේ, මාධවීගේ මේ සියලු විවාහ මංගල උත්සව හැම එකක්ම ඉතා ඉහළින් අධික පිරිවැයකින් ද යුතුව පවත්වන නිසයි.

May be an image of 10 people and wedding

පළමු වරට වෘත්තියෙන් වෛද්‍යවරයෙකු සමඟ විවාහ දිවියට ඇතුළත් වූ මාධවී දෙවන වරට විවාහ වූයේ ගුවන් නියමුවරයෙකු සමඟයි. ඒ හැම ආදර කතාවක්ම ප්‍රසිද්ධ මාධ්‍යයේ පවා බොහෝ උලුප්පා දක්වන්නට කටයුතු යෙදුණා.

May be an image of 2 people, henna and wedding

කෙසේ නමුත් මෙවර ඇය විවාහ වන්නේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණයෙකු වූ කසුන් මහේන්ද්‍ර සමඟයි.

ඉතින් සුපුරුදු පරිදි මෙවරත් මාධවී මනාලියක ලෙස හැඩගැන්වී තිබුණේ අපේ රටේ ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියෙකු වූ චන්දිමාල් ජයසිංහගේ සුරතිනුයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”තමුන්ට නොගැලපෙන විවාහයක රැඳී සිටිනවාට වඩා ආදරය දැනෙන තැනක නතර විය යුතු බව” යි බොහෝ රසිකයින් සඳහන් කර සිටින්නේ….

May be an image of 1 person, henna and smiling

May be an image of 1 person, wedding and text

May be an image of 10 people and wedding

May be an image of 7 people, henna and wedding

May be an image of 1 person, henna and wedding

May be an image of 5 people and wedding