උණුසුම් පුවත්
Search
madhavee wathsala

දෙවන විවාහයටත් සමුදුන් මාධවී අලුත් පෙම්වතා එක්ක දැන් ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)

74356

රටම හඳුනන කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. මේ පවුලේ දරුවන් හැමෝමත් කලාවට අති දක්ෂයි. පවුලේ වැඩිමල්ම දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඇය රංගනයට, නිවේදනයට, නර්තනයට, සිතුවම්කරණයට වගේම නොයෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසකට දස්කම් දක්වන බව නොරහසක්. අඛිල සහ සජිත යන සොයුරන් දෙදෙනාගේ ආදරය උණුසුම මැද හැදී වැඩුණු ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයෙනුත් ඉදිරියටම ගිය කාන්තාවක්. වෘත්තිමය වශයෙන් කථිකාචාර්යවරියක ලෙසද කලක් සේවය කර ඇති ඇය පෞද්ගලික ජීවිතය තුළ නම් හැලහැප්පීම් රැසකට මුහුණ දෙමින් තමයි ජීවත් වුණේ.

image 172

කොහොම නමුත් පළමු විවාහයට සමු දුන් මාධවී පසුකාලීනව දෙවන විවාහයටත් සමුදෙන්න තීරණය කරලා. මේ ගැන මේ දිනවල බොහෝ දෙනා අතර ප්‍රචලිතයි. පළමු වර වෛද්‍යවරයෙකු සමඟ විවාහ වී සිටි ඇය ඊට සමුදෙන්නේ නැවත විවාහයක් කර නොගන්නා ලෙස සඳහන් කරමින්. කෙසේ නමුත් ඉන් ටික කලකට පසු ඇය සිය සහෝදරයින් දෙදෙනා ද විවාහ වන දවසේ යුග දිවියට පිවිසුණේ ගුවන් සේවයේ නිරත තරුණයෙකු වන මිලාන් ද සිල්වා සමඟයි.

image 175

කෙසේ නමුත් මේ වන විට ඇය එම විවාහයට ද සමු දී තිබෙනවා. මාධ්‍ය සාකච්ඡා වලට එක්වෙමින් ඇය පවසා සිටින්නේ, පෙර සිටම ඔවුන් දෙදෙනා නොගැළපීම් හේතුවෙන් පීඩා විඳි බවයි.

image 173

එය එසේ වෙද්දී මාධවීට අලුත්ම පෙම්වතකු හමුවී ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයගේ කලා කටයුතු වලට ලඟින්ම සිටිමින් ඇය ගායනා කළ ”අපි තමයි අපිව දන්නේ…” ගීතයේ පද රචක කසුන් මහේන්ද්‍ර යි. කෙසේ නමුත් මිලාන් සමඟ දික්කසාදය ගැන පුවත වාර්තා වී ඒ උණුසුම යන්නත් පෙර මාධවී මෙලෙස පෙම්වතියකව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

image 177

ඇය, කසුන් සමඟ සිටින ඡායාරූපයක් කසුන්ගේ මුහුණු පොතේ ස්ටොරියක් ලෙස දමා ඇති අතර මාධවී ඔවුන්ගේ ඡායාරූප හැර ඔවුන් ආහාර ගැනීමට ගිය අවස්ථාවේ ඡායාරූප පමණක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබේ.

එම ඡායාරූපය පහතින්.

image 178


ඒ අනුව මාධවී තෙවන වරටත් විවාහ දිවියට එළඹේ ද? යන්න ප්‍රේක්ෂකයින් කුතුහලයෙන් යුතුව බලා සිටියි.

image 174