ආදරේට නිර්වචන දෙන්න මේ ලෝකේ කාටවත්ම බෑ. ඒ වගේමයි ආදරේට වෙන කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ දෙදෙනාට දෙදෙනා පමණයි.
මෙරට තරුණියන් විදේශ ජාතිකයින්ට ආදරේ කරලා ඔවුන් සමඟ විවාහ වෙන කතා බොහෝමයක් අපි අහලා තියෙනවා. දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ආදරේ කියන එක, එක ජාතියකට එක පාටකට විතරක් කොටු කරලා තියන්න බැරි දෙයක් කියලා ඔවුන් ඔප්පු කරලා හමාරයි.
මේ කියන්න යන්නෙත් ඒ වගේ තරුණියක් ගැන කතාවක්. නමින් ඇය තිලිනි වන අතර ඇයගේ අත ගත් තරුණයා නවීඩ්. ඇය ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියවේ. ඇය විවාහ වෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් එක්ක. නමුත් මෙහි විශේෂත්වය වෙන්නේ ඔවුන් වසර 06ක් ආදරේ කරලා දරුවෙකුත් ඉන්න විටයි විවාහ මංගල්‍යය පවත්වලා තියෙන්නේ.
ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුනේ පසුගියදා.
ඉන්දියානු පන්නයට සැරසිලා ඔවුන් කළ මංගල ඡායාරූප රූ ගත කිරීම ඇය සමාජ මාධ්‍ය වල පළ කරලා තිබෙනු ද දක්නට ලැබුණා.