උණුසුම් පුවත්
Search
SARANGA

”හැම වෙලාවෙම බදාගෙන ඉන්න එක නෙමෙයි ආදරේ කියන්නේ” – සාරංග දිසාසේකර

3210

මේ වන විට සාරංග සහ දිනක්ෂි යුවළ නම් අලුතෙන් කෙනෙක්ට හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඔවුන් දෙදෙනා ගැන ඕනම කෙනෙක් මේ වන විට දන්නවා. පුංචි තිරය වගේම සිනමාවත් එක ලෙස ආක්‍රමණය කල දිනක්ෂි සහ සාරංග කියන්නේ අපේ ප්‍රේක්ෂකයින් වැඩිපුරම ආදරය කරන කලා යුවළක්. රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වන මේ දෙදෙනාම කලා පවුල් වල දරුවන්.

May be an image of 3 people, people sitting, people standing and indoor

සාරංග ඔහුගේ පලමු විවාහයෙන් වෙන් වෙලා මේ වන විට දිනක්ෂි සමගින් සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ සුන්දර කදැල්ලේ සතුටට මේ වන විට ලොකුම හේතුව වෙලා තියෙන්නෙ ඔවුන්ගේ පුංචි සුරංගනාවි සාරන්‍යා.

May be an image of 1 person

සාරංග සහ දිනක්ෂිගේ පවුලේ හැමෝම කලාවත් එක්ක සමීප පුද්ගලයින්. ඉතින් සාරංග සහ දිනක්ෂි සමාජ මාධ්‍ය නිසා බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා. මොකද ඔවුන් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකයින්. පෞද්ගලික සිදුවීම් පවා නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන එක ඔවුන් නිරන්තරයෙන් කරන්නක්.

May be an image of 3 people, child, people standing and indoor

සාරංග සහ දිනක්ෂි සහභාගී වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ආදරය ගැන කියලා තිබුණේ මේ විදියටයි….

”ආදරය කියන දේ එකිනෙකාට සාපේක්ෂයි. ඒ නිසා අපිට ආදරය ගැන නිර්වචනයක් දෙන්න අමාරුයි. ආදරය ලැබෙන වෙලාවට අපි උපරිමයෙන් ආදරය විදින්න ඕන. අනික ආදරය කියන්නේ හැම වෙලේම පැය 24ම බදාගෙන ඉන්න එකට නෙමෙයි. ආදරයෙදි විවිධ ගැටලු එනවා. බැන ගන්නවා රණ්ඩු වෙනවා. ඒව තුලින් අපි ආදරේ විදින්න ඕන. එතකොට තමයි ආදරේ වැඩි වෙන්නෙ.”

May be an image of 2 people, child, people standing and indoor

මේ විදියටයි සාරංග සහ දිනක්ෂි ඔවුන්ට දැනෙන විදියට ආදරය ගැන අදහස් දක්වලා තිබුණේ.

May be an image of 3 people, people standing and indoor