උණුසුම් පුවත්
Search
Untitled design 36

” ආදරය කියන්නේ පිස්සුවක්. පොඩි කාලෙවත් විවාහ වෙන එක ගැන මගේ හීනයක් තිබිලා නෑ ” – චමීර ලියනගේ

110

චමීර ලියනගේ කියලා කියන්නේ මේ දවස් වල කවුරු අතරත් ඉතාම ජනප්‍රිය චරිතයක්. මේ දවස් වල අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය මැද ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබා දෙන ඔහු ඇත්තෙන්ම ඉතාම කඩවසම් රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි සම්භාව්‍ය ගණයේ ටෙලි නාට්‍ය සඳහා වැඩිපුර රංගනයෙන් දායක වන ඔහු එක් වරක් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැගී එන නළුවා සම්මානය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. වෙස් ටෙලිනාට්‍ය ඔස්සේ වගේම රන්තිලි වැව ටෙලි නාට්‍යයේ දාස කියන චරිතයට ඔහුට තවමත් ඉතාමත්ම ධනාත්මක ප්‍රතිචාර ලැබීම විශේෂත්වයක්. ඉතින් පසුගිය දිනක දී ඔහු එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ ආදරය පිළිබඳව මෙවන් අදහසක් කියලා තිබුණා.

12670728 1709835575901500 2841534293815553708 n

” ඇත්තටම මේ වෙනකොට මට පෙම්වතියක් නැහැ. ආදරේ කියන්නේ පිස්සුවක් මන් දැන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක්. තමන්ට තමයි විතරයි කියන මතයේ මම ඉන්නේ. 2022 ජනවාරි වලින් පස්සේ අපේ ආදර කතාව අවසාන වෙනවා. ඒක වසර 6ක් 7ක් තිස්සෙ තිබුණ ආදරයක්. අපි දෙන්නගෙම නොගැළපීම් අපි තේරුම් අරන් තිබුණෙ. තවදුරටත් අපිට එකට ගමනක් යන්න බැහැ කියලා තේරුණ තැන අපි සමුගත්තා.

12063573 1655285931356465 8814431893730630606 n

ඒක අපි දෙදෙනාම අවබෝධයෙන් යුතුව ගත්ත තීරණයක්. හිත්වල කිසි තරහක් නැහැ. මට මගේ දෙම්පියන්ගෙන් සහෝදර සහෝදරින්ගෙන් ආදරය ලැබෙනවා. මම ඒ ආදරය සමග ජීවත් වෙනවා. පුංචි කාලෙවත් මගේ හීනවල තිබුණ දෙයක් නෙවෙයි විවාහ වෙනවා පවුලක් හදාගෙන ජීවත් වෙනවා කියන එක. ඒකෙන් මම අදහස් කරන්නෙ මම කවදාවත් විවාහ වෙන්නෙ නෑ කියන එක නෙවෙයි. නමුත් මේ අවස්ථාවේ මගේ හිතේ ඒ ගැන කිසිම අදහසක් නැහැ. “

ඉතිං මේ විදියට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

18076585 1863378900547166 6466434830586892240 o